gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආනයන තහනම මැද සුපිරි වාහන 400ක් ලංකාවට ගෙනාවේ කව්ද? කොහොමද?

කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදීත් වාහන 400කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බව වාර්තා වේ.ඒ අනුව මෙම වාහන තොගය රාජසන්තක කරනවාද නැද්ද යන්න පිළිබඳ කරණු විමසා ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කර තිබේ.

පසුගිය 2020 වසරේ මාර්තු මාසයේ රජය මගින් ආනයන තහනම පැනවීමෙන් පසු මෙම වාහන ඇනවුම් කර ඇති නිසා එය දැනට ක්‍රියාත්මක නීතියට පටහැනි බව රේගු දෙපාර්තමේන්තුව එම ලිපියෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව වරාය භුමියේ අධි සුඛෝපභෝගී වාහන තුන්සීයකට අධික ප්‍රමාණයක් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්නද සිල්වා මහතා සඳහන් කරයි.

කොළඹ වරායයේ ඇති වාහනවලින් වැඩි ප්‍රමාණයක් බලපත්‍ර ක්‍රමය යටතේ ජපානයෙන් සහ බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ ඒවා වෙයි.

මීට පෙර දී රජය සඳහන් කළේ තහනමට පටහැනිව ආනයනය කර ඇති වාහන රාජසන්තක කර රාජ්‍ය ආයතනවලට ලබාදෙන බවයි. මෙම වාහන වරාය භුමියේ විනාශ වෙමින් පවතින නිසා ඒවායේ වටිනාකම දිනෙන් දින අඩුවෙමින් යන බවද රේගුව පවසයි.

මේ සම්බන්ධයෙන් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කළේ වාහන සම්බන්ධ අවසන් තීරණය මුදල් අමාත්‍යංශය විසින් ගත යුතුව ඇති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka