gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අමෙරිකන් ගිවිසුමට එරෙහිව විමල්-වාසු-උදය ඇමැතිකම්වලින් ඉල්ලා අස්වෙයිද?

කෙරවලපිටිය යුගදනවි LNG විදුලි බලාගාරයේ මෙහෙයුම් සහ එහි සැපයුම් හා ගබඩා පහසුකම් එක්සත් ජනපදයේ  සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුවත් සමග ඊට ‌විරෝධය පළ කරමින් ආණ්ඩුවේ කැරලිකාර පිල නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් සිය අමාත්‍ය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ සූූදානමක් පවතින බව දැනගන්නට තිබේ.

මේ සම්බන්ධ කැබ්නට් පත්‍රිකාව පසුගිය සදුදා සවස සූම් තාක්ෂණය ඔස්සේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් වී ඇති අතර එහිදී මෙම අමාත්‍යවරුන් තිදෙනා ඊට එරෙහිව විරෝධය පළකිරීමට පියවර ගෙන තිබිණ.

එහිදී ඔවුන් තිදෙනාම මෙම ගිවිසුමේ පවතින ඇතැම් අහිතකර වගන්ති සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දැක්වීමට කටයුතු කොට තිබේ.

එමෙන්ම ඊට පෙර ඔවුන් තිදෙනා කැබිනට් සාමාජිකයින් වෙත වෙන් වෙන් වශයෙන් ලිඛිතව කරුණු ඉදිරිපත් කර තිබු බවද වාර්තා වේ.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රීකාව තවදුරටත් හැදෑරීමට තීන්දුකර ඇති අතර යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ඇමතිවරුන් තිදෙනා ඉදිරිපත් කළ විවේචන පිළිබඳව ඔවුන්ව වෙනම කැඳවා දැනුවත් කිරීමට ද මුදල් අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට එකඟත්වයද පළකර තිබිණ. 

එසේ තිබියදී කෙරවලපිටිය යුගදනවි LNG විදුලි බලාගාරයේ මෙහෙයුම් සහ එහි සැපයුම් හා ගබඩා පහසුකම් එක්සත් ජනපදයේ  සමාගමකට පැවරීමට මුදල් අමාත්‍යංශ විසින් ඊයේ (17) රාත්‍රී ගිවිසුම් අත්සන් කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඊයේ රාත්‍රියේදීම අදාළ ගිවිසුම අත්සන් කිරීමට පැමිණි ඇමරිකානු නියෝජිතයින් දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවද දැනගන්නට ඇත.

ජනාධිපතිවරයා ඇමරිකාව බලා පිටත්ව ගියේ අද (18) අලුයම් කාලයේදීය.

-mawratanews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka