gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හේතු සාධාරණ වුණත් නැතත් අපට වැඩක් නෑ, ගුරු වර්ජනය අපි දකින්නේ ත්‍රස්තවාදය විනාශ කළ දැක්මෙන් - සරත්

ගුරු වර්ජනයට අදාළ හේතූන් සාධාරණ හෝ අසාධාරණ වුවත් ඒ වර්ජනය තමන් කිසිසේත් සාධාරණීකරණය නොකරන බවත් තමන් ඒ වර්ජනය දෙස බලන්නේ ත්‍රස්තවාදය විනාශ කළ දැක්මෙන්ම බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා අවධාරණය කරයි. 

"ඊයේ දිනයේ දිවයිනේ ප්‍රධාන පාසල්වල ගුරුවරුන් ගුරුවරියන් රැසක් මා හමුවෙන්නට ආවා. ඔවුන් ඇවිත් කිව්වෙ ඔවුන් මේ ගුරු වර්ජනයට සහභාගී නොවී ළමයින්ට ඔන්ලයින් ක්‍රමයට උගන්වනවා, ඒ ලෙසට උගන්වන ගුරුවරුන්ට වර්ජනය මෙහෙයවන සමහර අයගෙන් මරණීය තර්ජන එල්ල වනවා කියා. 
මේ වර්ජනයට සහභාගී වෙන බොහෝ ගුරුවරු ඊට සහභාගී වෙන්නේ ස්වකැමැත්තෙන් නොවේ, කාගෙවත් බලකිරීමකට. සමහර වැදගත් ඒ වගේම දරුවන්ට ආදරය කරන ගුරුවරු තවමත් මේ වර්ජනයට සහභාගී නොවී දරුවන්ට උගන්වනවා. මම ඒ වෙලාවෙම ඒ අදාළ දුරකථන ඇමතුම්වල විස්තර අරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළා, වහාම ඒ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට. 

ඔබ දන්නවා අපි ත්‍රස්තවාදය විනාශ කළා. ත්‍රස්තවාදය විනාශ කරනකොට අපේ දැක්ම වුණේ ත්‍රස්තවාදය ඇතිවෙන්න වූ හේතුව සාධාරණ වුණත් අසාධාරණ වුණත් අපි ත්‍රස්තවාදය කවදාවත් සාධාරණීකරණය කරන්නෙ නෑ, මොකද ඒකෙන් ඝාතනය වුණේ අහිංසක මිනිස්සු. ඒවගේම තමයි ගුරුවන්ගේ ප්‍රශ්නය, මේ ගුරුවරුන්ගේ වර්ජනයට හේතුව සාධාරණ වුණත් අසාධාරණ වුණත් ඒ වර්ජනය අපි සාධාරණීකරණ කරන්නෙ නෑ, මොකද ඒකෙන් බැටකන්නෙ ඒකෙන් දරුවන්ගේ අහිංසක දරුවන්ගේ දැනුම ඒකෙන් සම්පූර්ණයෙන්ම මොට කරලා දරුවන්ගේ අනාගතය විනාශ කරන නිසා. ඒක නිසා මේ වර්ජනයට සහභාගී වෙන අයට මම ඉතාම ආදරයෙන් කියන්නෙ කරුණාකරලා මේ එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ බලපෑමකට මේ වර්ජනය කරන්න එපා, මොකද ඒක දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන නිසා. ඒ වගේම මේක මෙහෙයවන විශේෂ දෙන්නා ගැනත් අපි දන්නවා. ඒ දෙන්නාම ගුරුවරුන් හැටියට වැඩ කළත් උගන්නපු අයද කියලාත් අපට සැකසහිතයි. එක්කෙනෙකුට තියෙනවා මුදල් අක්‍රමිකතා චෝදනා 9ක්. අනිත් එක්කෙනාටත් ඒවගේම බරපතළ චෝදනා තියෙනවා" 


 අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති විශෙෂ මාධ්‍ය හමුවක් අමතමිනි. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka