gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

Uber Eats - PickMe කන්න ගේන බත් එකෙන් අයුතු ලාභ ලැබීම!

කොළඹ, මහනුවර, මීගමුව හා තදාසන්න ප්‍රදේශවල ගෙදරටම ආහාර ගෙනදීමේ ජනප්‍රිය සේවා සැපයීමේ ආයතන දෙකක් වන Uber Eats හා PickMe (Food) යන සේවාවන් හි අක්‍රමිකතා සම්බන්ධයෙන් මේවන විට දිනෙන් දින එම පාරිභොගිකයින්ගෙන් පාරිභෝගික අධිකාරියට ලැබෙන පැමිණිලි වැඩිවෙමින් ඇතැයි වාර්තා වේ.

එම පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ පාරිභෝගිකයන් ඇනවුම් කරන හෝටලයේ කෑමවල උපරිම මිල ඉක්මවා ඔවුන්ගේ ඇප්වල මිල වැඩිකර ඇති බවටය.

මෙසේ වැඩිපුර එක්කර ඇති මුදල 15% සිට 35% දක්වා වන බව වාර්තා වේ.

එම සමාගම් ලියාපදිංචි කර ගැනීමට පාරිභෝගික අධිකාරියට මෙතෙක් වැඩපිළිවලක් නොවීම හේතුවෙන් අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට නීතිමය ලෙස ක්‍රියාත්මකවීමට ඇති ඉඩ කඩද අල්ප බවද කළ සොයා බැලීමකදී හෙළිවිය.

කෙසේවුද, පසුගියදා ශ්‍රී ලංකාව SWAP ණයක් ඉල්ලා ගත් බංග්ලාදේශය වැනි දකුණු ආසියානු රටවල මේ සේවාවන් විධිමත් ලෙස සංවිධානය කර ඇති බවද අප කළ කේෂ්ත්‍ර පරික්ෂාවකදී තොරතුරු සොයා ගැනීමට හැකිවිය.

ඒ කට්ටිය එක්ක ඩිස්කස් කරල වැඩේ යනවා - මේජර් ශාන්ත

මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් ශාන්ත දිසානයක මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය එම සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

"අපි කිව්වා ඒ කට්ටියට ඒ විදිහට කරන්න බෑ කියල...ඒ වැඩේ වෙනවා..අපි මේ දවස්වල බලනවා..."

ඒ සම්බන්ධයෙන් ලැබෙන විකල්ප ක්‍රමවේදය කුමක්දැයි අප විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානයක මහතාගෙන් පෙරළා ප්‍රශ්න කළ අතර ඔහු කියා සිටියේ "විකල්පය අපි කින්නම් කෝ....ඩිස්කස් කරලා ඒ කට්ටිය එක්ක කතා කරල වැඩේ යනවා...එතකොට කියන්නම්" යනුවෙනි.

අපේ වරදක් නෑ, වරද තියෙන්නෙ කඩේ - PickMe

මේ සම්බන්ධයෙන් අප PickMe ප්‍රධානියකුගෙන්ද විමසීමක් කළේය.

ඔහු කියා සිටියේ ඇප්එකේ සඳහන් වන්නේ අදාළ හෝටලය, රෙස්ටුරට් එක හෝ ඇනවුම් කරන ආයතනය ලබාදෙන උපරිම මිල බවයි.

නැතිනම් අදාළ මිල ඇනවුම් ආයතනය ලබාදුන්නක් බවයි. එබැවින් ඒ සම්බන්ධයෙන් තමන්ට වගකිමක් ගත නොහැකි බවද ඔහු පැවසීය.

කෙසේවුවද, තම සේවාව ලබාදීම වෙනුවෙන් 15% සිට 25% දක්වා කොමිස් මුදලක් අදාළ ආහාර ඇනවුම බාරගන්නා ආයතනයෙන් තමන් අයකර ගන්නා බවද ඔහු කීය.

ඩිලිවරි චාජ් නැත්නම් ප්‍රවාහන ගාස්තුව කෙළින්ම ලැබෙන්නේ එය පාරිභෝගිකයා වෙත ප්‍රවාහනය කරනු ලබන ප්‍රවාහකයාට බවත් ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ කිසියම් වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිය පාරිභෝගික අංශයට පැමිණිලි කළ හැකි බවයි.

Uber Eats සම්බන්ධකර කළුනික වගේ

මේ අතර, මේ සියල්ල සම්බන්ධයෙන් Uber Eats පාර්ශවයෙන් තොරතුරු ලබා ගැනීමට Uber Eats ශ්‍රී ලංකා ප්‍රධානී භාව්නා දද්ලානි මහත්මිය සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

පසුව අප පාරිභෝගික අධිකාරියට Uber Eats හි සම්බන්ධීකාරකයා ලෙස ලබාදී තිබූ දුරකථන අංකයට ද ඇමතුමක් ලබාදුන් අතර එම දුරකථන අංකය මේවන විට විසන්ධි කර තිබේ.

Uber Eats හි මව් සමාගම පිහිටා ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ බව පැවසේ.

අප Uber Eats වෙබ් අඩවිය පරික්ෂා කළ අතර එහි About Uber Ests වෙත පිවිසුනු අතර එහි දැක්වෙන්නේ මෙවැන්නකි.

කෙසේවුවද, කළ කේෂ්ත්‍ර පරික්ෂාවකදී හෙළිවූයේ මේ ආයතනය නෙදර්ලන්ත ව්‍යාපාරක් බවයි. මෙහි ආදායම් සියල්ල නෙදර්ලන්තය වෙත ගලායන බවද සොයා ගැනීමට හැකි විය.

මෙරට තුළ විශාල ඩොලර් අර්බුදයක් තිබියදී මෙවැනි කාරණා සම්බන්ධයෙන් මහ බැංකුවේ අවදානයද යොමු නොවීමට දේශපාලන ප්‍රබලයන් හේතුවී ඇතැයි වාර්තා වේ.

මේ බත් පැකට්ටුවකට කඩේ මිලට PickMe ඇප් එකේ මිල වැඩිකර ඇති ආකාරයට හොඳම නිදර්ශනයකි.
-ශ්‍රී ලංකා මිරර්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka