ඇමති හිතවතෙක් දුන් ‘ඡායාරූප කිහිපයකින්’ දියවන්නාවේ හෙළිවූ දේ - (photos)
දියවන්නා ඔයට ඉන්ධන බැහැර කිරීමක් සම්බන්ධව වහාම සොයා බලා වාර්තාවක් ලබා දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබෙනවා.
දියවන්නා ඔයේ ඉන්ධන තට්ටුවක් පාවීමේ සිද්ධියක් සම්බන්ධව හිතවතෙකු විසින් ලබාදුන් ඡායාරූප කිහිපයක් අනුව තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධව වහාම සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසයි අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.
එම ඡායාරූප අනුව විශාල තෙල් තට්ටුවක් දියවන්නාව දෙසට පාවෙමින් පවතින බව පෙනී යන බවයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ
ඒ සම්බන්ධයෙන් වන ඡායාරූප පහතින් දැක්වෙනවා.
ඇමති හිතවතෙක් දුන් ‘ඡායාරූප කිහිපයකින්’ දියවන්නාවේ හෙළිවූ දේ - (photos)
2021-09-22T15:50:00+05:30
Gossip Lanka Hot News









