gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැලේසියාවේදී සියදිවි නසාගත් රූපලාවන්‍ය ශිල්පිනියගේ මරණය අභිරහසක්!

මැලේසියාවේ රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් දිවි නසාගත් බව කියන බේරුවල ප‍්‍රදේශයේ කාන්තාවකගේ මරණය සැක සහිත බවට ඇගේ ඥාතීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය එරටට දැනුම් දී ඇත්තේ ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙසයි.

බේරුවල ගල්හේන ප‍්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි දෙදරු මවක් වන චතුරිකා ප‍්‍රියදර්ශනී සිල්වා වයස අවුරුදු දහතුනක දියණියකගේ සහ අවුරුදු දහයක පුතකුගේ මවකි. වසර දහයක පමණ කාලයක් මෙරට රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ නිරතවී සිට ඇති ඇය මීට අවුරුදු එකහමාරකට කලින් රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේම රැකියාවක් සඳහා මැලේසියාවට ගොස් ඇත. එහෙත් මාස දෙකක් ඉක්ම යන්නත් මත්තෙන් කොවිඞ් වසංගතය හේතුවෙන් ඇගේ රැකියාව අහිමි වී ඇති බවත් ඒ නිසා එරට පිළිසකර කරන ආයතතයක රැකියාවක නිරතවූ බවත් ඇගේ දෙමාපියන් සඳහන් කරයි.

එසේ සිදුකර ඇත්තේ මෙරට තරුණයකුගේ උපකාර මත බව ඇගේ දෙමාපියෝ සඳහන් කරති. එහෙත් පසුගිය අගෝස්තු 24 වැනිදා මැලේසියාවෙන් එම කාන්තාවගේ ඥාතීන්ට දැනුම් දී ඇත්තේ චතුරිකා සිය නිවස තුළදී සිය දිවි හානි කරගෙන බවටය. දිවි නසා ගැනීමට කලිනුත් දූ අපිට කතා කළා. හදිසියේ එහෙම දෙයක් සිදුවුණේ කොහොමද කියලා අපිට හිතාගන්න බැහැ. ඒ නිසා එම මරණය පිළිබඳ අපිට සැකයක් තිබෙනවා. ඒ පිළිබඳ අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැමිණිල්ලක් දැම්මා.

අරුණ බෝගහවත්ත


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka