වැලිකඩ-අනුරාධපුරේ බන්ධනාගාරවල CCTV නෑ!
වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවල සීසීටීවී කැමරා පද්ධති සවි කර නැති බව බන්ධනාගාර මූලස්ථානය කියා සිටියි.
දැනට එම කැමරා සවිකර ඇත්තේ අගුණුකොළපැලැස්ස කළුතර හා බූස්ස යන බන්ධනාගාරවල පමණක් බවද බන්ධනාගාර මූලස්ථානය කියයි.
එම තත්ත්වය මත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනයේ දී සීසීටීවී දර්ශන උපයෝගී කරගැනීමට හැකියාවක් නැති තත්වයක් මතුව තිබේ.
නමුත් ඕනෑම බන්ධනාගාරයකට ඕනෑම පුද්ගලයෙකු ඇතුළුවීමේදී සටහන් තබා ගන්නා ලොග් සටහන් පොතක් සෑම බන්ධනාගාරයකටම ඇති බවත් එම සටහන් අදාළ විමර්ශන සඳහා යොදාගත හැකි බවත් ඔවුන් කියා සිටී.
වැලිකඩ-අනුරාධපුරේ බන්ධනාගාරවල CCTV නෑ!
2021-09-18T10:55:00+05:30
Gossip Lanka Hot News






