gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මම ලංකාවට යන්න බයයි : ඕක්ලන්ඩ් ප්‍රහාරය දියත් කළ ලාංකිකයා නවසීලන්තයේ සරණාගතභාවය ගත් අයුරු හෙළිවෙයි

නවසීලන්තයේ, ඕක්ලන්ඩ් හිදී සුපිරි වෙළෙඳ සංකීර්ණයක පිහි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයින් 07 දෙනෙකුට තුවාල සිදුකරනු ලැබූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයා ගේ තොරතුරු හෙළි වී තිබෙනවා. මෙම ප්‍රහාරය සිදුකර ඇත්තේ අහම්ඩ් අදිල් මොහොමඩ් සම්සුදීන් නම්වූ මඩකළපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සිටි අයෙකු බවට හඳුනා ගෙන ඇත්තේ. ඔහු දමිල - මුස්ලිම් සම්භවයක් සහිත පුද්ගලයෙකු ද වන බවයි හෙළිවී ඇත්තේ.

අදිල් සම්සුදීන් නම් වූ මෙම පුද්ගලයා 2011 වසරේදී ශිෂ්‍ය වීසා මත නවසීලන්තයට පැමිණ ඇති අයෙකු බවයි නවසිලන්ත අග්‍රාමත්‍යවරිය ඊයේ ප්‍රකාශ කර සිටියේ. 

එරටට පැමිණීමෙන් පසු මොහු විසින් 2013 වර්ෂයේදී සරණාගත විසා අයදුම් කර ඇති බව සඳහන්. ඒ තමන්ගේ පියා දමිල ජාතිකයෙකු බවත් ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් තමන්ට සහ පියාට නොයෙකුත් තාඩන පීඩන එල්ල වූ බව මොහු විසින් නවසීලන්තයේ සරණාගත වීසා අයදුම් පත පරික්ෂා කිරීමේ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ.

එම තොරතුරු පදනම් කරගනිමින් නවසීලන්තයේ සරණාගතයින් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ඒකකය විසින් අදීල් සම්සුදීන් හට එරට සරණාගත වීසා යටතේ සිටීමට අවසර ලබාදී ඇත.

කෙසේ වුවත් 2016 වර්ෂයේදී මොහු විසින් සිය ෆේස්බුක් ගිණුමේ අන්තවාදයට සම්බන්ධ වීඩියෝ සහ නොයෙකුත් සටහන් ප්‍රචාරය කිරීමත් සමග එරට ආරක්ෂක අංශ විසින් ඔහු සම්බන්ධයෙන් අවදානයෙන් පසුවී තිබෙනවා. 

මේ අතර 2017 වර්ෂයේදී තියුණු ආයුධයක් ලඟ තබාගෙන සිටීම හේතුවෙන් ඔහුව නවසීලන්ත බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පසුව සිදුකළ පරික්ෂා කිරීම් වලදී මොහු නවාතැන් ගෙන සිටි ස්ථානයේ තිබී තියුණු ආයුධ ද හමුවී ඇත. තියුණු ආයුධ ලඟ තබා ගැනීමේ චෝදනාවට මොහුව පසුව බන්ධනාගාර ගත කිරීමට එරට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබෙනවා.

බන්ධනාගාර ගතව සිටියදී අදීල් සම්සුදින් විසින් බන්ධනාගාර ආරක්ෂකයින්ට ද පහරදී ඇති අතර පසුව ඔහුට එරෙහිව අන්තවාදය පැතිරවීම, තියුණු ආයුධ ළඟ තබාගැනීම, කෘෘරත්වය ප්‍රවර්ධනය කිරීමේ ආදී චෝදනා හේතුවෙන් 2017 වර්ෂයේ දී එරට ආරක්ෂක අංශ සම්සුදීන් අදිල්ට එරෙහිව චෝදනා 23ක් යටතේ නඩු ගොනු කර තිබේ.

නැවත වරක් අදීල් සම්සුදීන් 2017 වර්ෂයේදී ISIS සංවිධානයට එක්වීම සඳහා නවසීලන්තයේ ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් පිටත්වීමට මොහු උත්සහ දරා ඇති අවස්ථාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ අතර 2018 වර්ෂයේදී එරට සරණාගතයින් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ඒකකය විසින් අදීල් සම්සුදීන් නැවතත් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පියවර ගන්නා බවට දැනුම් දී ඇත. එහිදී ඔහු විසින් ඊට එරෙහිව කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ තමන් වැනි දමිල සම්භවයක් සහිත තරුණයින් ශ්‍රී ලංකාවට යෑමට බියක් දක්වන බවයි.

ශ්‍රී ලංකාවේ බලධාරීන් තමන් වැනි දමිල තරුණයින්ට හිංසා කරන බවත් එම බිය තමන් නවසීලන්තයේ සිටියදී ද දැනෙන බවයි ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව අදීල් සම්සුදීන් ගේ අනන්‍යතාවය හෙළි නොකරන ලෙසට එරට අධිකරණයක් විසින් නවසිලන්ත බලධාරීන්ට නියෝගයක් ද නිකුත් කර ඇත.

නීති විරෝධී අයුරින් තියුණු ආයුද ළඟ තබා ගැනීම සහ දැඩි ඉස්ලාමිය අන්තවාදී මතවාදයන් සමාජ මාධ්‍ය තුල පැතිරීම සම්බන්ධයෙන්  අහම්ඩ් අදිල් මොහොමඩ් සම්සුදීන් අවස්ථා කිහිපයකදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි නවසිලන්ත මාධ්‍ය වාර්තා කර සිටියේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka