gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිරිය දියණිය නිපදවූ පරිසර හිතකාමී ලන්ච් සීට් ලංකාව තහනම් කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක වන තරුෂි විදුෂිකා රාජපක්ෂ විසින් නිපදවූ පරිසර හිතකාමි ලන්ච් ෂීට් නිෂ්පාදනයට සහයෝගය දෙන්නැයි පරිසර අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබියදීත් එම අධිකාරිය  එකී පරිසර හිතකාමි නිෂ්පාදනය තහනමට ලක්කොට ඇත.

එම නිෂ්පාදනය පුළුල් කිරීමට අවශය උපකාර කරන ලෙසද අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබු අතර අවශ්‍ය වුවහොත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා දෙන බව දන්වා තිබිණි.

එසේ තිබිය දී මධ්‍යම පරිසර අධිකාරිය විසින් පවතින පොලිතින් ප්ලාස්ටික් ත’හනමට මුවාවී මෙම පරිසර හිතකාමි ලන්ච් ෂීට් නිපදවීම ද ත’හනම් කර ඇත.

තරුෂිකා නිපදවූ පරිසර හිතකාමි ලන්ච් ෂීට් එකක් මාස හයක් පමණ භාවිතා කළ හැකි බැවින් දැනට එක් වරක් පමණක් භාවිතා කර ඉවත ලන ලන්ච් ෂීට් සඳහා එය ඉතා අනර්ඝ විසඳුමක් බව අමාත්‍යවරයා පෙන්වා දී තිබිණි.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙසේ එම නිෂ්පාදනය ත’හනමට ලක් කර ඇත්තේ ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට හා දේශිය හා විදේශිය වෙළඳපොල අවස්ථා ලබා ගැනීමට ඇයට අවශ්‍ය සහයෝගය දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම අධිකාරියට උපදෙස් ලබා දී තිබිය දීය.

මේ වනවිටත් රටවල් හයකින් ඇගේ නිෂ්පාදනය අගය කර ඇති අතර දේශීය විදේශිය ආයතන රාශියක් ඇයට සහය දීමට ද කටයුතු කරමින් සිටියදී මෙම ත’හනම සිදුව ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දිනපතා පරිසරයට මුදා හැරෙන ලන්ච් ෂීට් ප්‍රමාණය ලක්ෂයකට අධික බව ගණන් බලා ඇති අතර ඇය නිපදවූ ලන්ච් ෂීට් ජනප්‍රිය කළේ නම් එම ප්‍රමාණය අවම කර ගැනීමට හැකියාව ලැබෙන බව ද එම ආරංචි මාර්ග පෙන්වාදෙයි.

විදුෂිකා මෙම නිෂ්පාදනය එළි දැක්වූයේ 2017 වසරේ පොලිතින් ප්ලාස්ටික් ත’හනම් කෙරෙන ගැසට් පත්‍රය නිකුත් වූ අවස්ථාවේ දී වන අතර, ඒ වෙනුවෙන් ඇය එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ද ප්‍රසංසාවට ලක්වූවාය.

(විනීතා එම් ගමගේ)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka