gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෘතීම තෙල් හිඟයක් අත ළඟ… සති අන්තයේ තෙල් බෙදාහැරීම නැවැත්වීමට තීන්දුවක්!

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීමේ අරමුණින් සැප්තැම්බර් එකොළොස් වැනි දා සිට ඉදිරියට එළැඹෙන සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් වල තෙල් බෙදා හැරීමේ සේවාවන් නවත්වා දැමීමට කටයුතු කිරීම නිසා ඉදිරියේදී කෘතිම තෙල් හිඟයක් රටපුරා ඇතිවීමේ අවදානමක් ඇතැයි ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති චෝදනා කරයි.

සාමාන්‍යයෙන් කොලන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගමෙන් දිනකට තෙල් බවුසර එක්දහස් පන්සියයක් පමණ රට පුරා බෙදා හරින අතර මෙම corona වසංගත සමයේ පවා දිනකට තෙල් බවුසර් දාහක් පමණ රට පුරා බෙදා හරින බව ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසයි.

එලෙස දිනපතා තෙල් බවුසර් රටපුරා බෙදාහැරීම සිදු නොකළොත් රටේ කෘතිම තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව වෘත්තී සමිති පවසයි.
වරාය ගුවන්තොටුපල ආදී රටේ අඛණ්ඩව මෙහෙයුම් පවත්වා ගත යුතු මර්මස්ථාන වලට අඛණ්ඩව තෙල් සැපයීම සිදු විය යුතු බව වෘත්තිය සමිති පවසයි .

කෙසේ වෙතත් දිනපතා රටපුරා තෙල් බෙදා හැරීමේ අවශ්‍යතාවය තෙල් පර්යන්ත සමාගමේ පාළනාධිකාරියට වෘත්තීය සමිති දිගින් දිගටම පෙන්වාදී තිබේ.

එහෙත් රජයේ මූල්‍ය වියදම් කප්පාදු කිරීමේ තීරණයට මුවා වෙමින් තෙල් පර්යන්ත සමාගමේ පාළනාධිකාරිය විසින් සෙනසුරාදා සහ ඉරිදා සේවක අතිකාල දීමනා කප්පාදු කිරීමට තෙල් බෙදා හැරීම නවතා තිබේ.

මෙම අනවශ්‍ය තීන්දුව ගෙන ඉදිරි දිනවල රටේ කෘතීම තෙල් හිඟයක් ඇති කර ජනතාව අපහසුතාවට පත් නොකරන ලෙස වෘත්තීය සමිති රජයෙන් ඉල්ලයි.

මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති රජය, විෂය භාර ඇමතිවරයා , මුදල් ඇමතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමේ සුදානමින් පසුවන බව වාර්තා වෙයි.

ඛණිජතෙල් වෘත්තීය සමිති නායකයන්ගේ සමාජ ජාලාවල හුවමාරු වන සටහන් කිහිපයක් මෙහි දැක්වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka