gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුරා විද්‍යාවේ වෙබ් අඩවිය හදන්න කාර්යාල කාර්ය සහායක කතට දීලා! විදුරට යකා නැගලා!

උපාධි පිට උපාධි ගත් විද්වතුන් සිටින විද්වත් ආයතනයක් බවට අප දැන සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල යූ ටියුබ් අඩවිය කාර්යාල කාර්ය සහායක කාන්තාවකට බාර දී දෙපාර්තමේන්තුවට කිසිම සම්බන්ධයක් නැති ඇයගේ ඥාති සොයුරෙක් ලවා ගොඩනන්වාගෙන අන්තර්ගතයේ සියලුම දේ මකා දැමූ පසු කිසිවක් සිදු නොවූ සේ නිලධාරීන් හැසිරෙන ආකාරය පිළිබඳව තමන් මවිත වන බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

යම් යම් සම්බන්ධතා මත යට ගසන්නට උත්සාහ කරන මේ මුලුමනින්ම වැරදි සහගත ක්‍රියාවලිය සම්බන්ධව කවුරුන් නොකෙරුවත් තමන් මැදිහත් වී විනය පරීක්ෂණයක් පවත්වන බව ඇමතිවරයා අවධාරණයෙන් කීවේය.

රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක වැඩිදුරටත් මෙසේත් පැවසීය.

“ කාර්යාල කාර්ය සහාකයෙකුට දෙපාර්තමේන්තුවෙ නිල වෙබ් අඩවිය හදන්න දීපු ඔළුව නැති කෙනා කවුද කියන ප්‍රශ්නය මට තියනවා. හේතුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි වගකිවයුතු ආයතනයක ඉන්නව කියන්නෙ උපාධි පිට උපාධි ලබපු විද්වත් පිරිසක්. එවැනි විද්වත් ආයතනයක් ලෝකයට සිය දැවැන්ත අනන්‍යතාවය ප්‍රකට කරන නිල වෙබ් අඩවිය හදන්න මේ වගේ කෙනෙකුට දෙන්නෙ ඇයි?. හරි කමක් නෑ… අපි හිතමු ඒ දුන්නේ ඒ තැනැත්තියට මේ සම්බන්ධව අනෙක් කිසිම කෙනෙකුට නැති තාක්ෂණික දැනුමක් තියනවා කියලා.එහෙනම් ඇය මේ බාරගත්තු වැඩේ කරන්න ඕන. ඒත් ඇය ඇයට බර ගත්තු වැඩේ ඇයගේ ඥාති සහෝදරයෙකුට බාර දීලා. මට අහන්න තියෙන්නෙ මේ වැඩේ කරනකම් පුරාවිද්‍යා දෙපාර්ත මේන්තුවෙ මිනිස්සු නිදාගෙන ද හිටියද?.“වෙබ් අඩවියක් හදන්න යම් මූලික මුදලක් වැය වෙනවා. ඒ රජයේ මුදල්. මේ මුදල කිසිම නිශ්චිත ක්‍රමවේදයක් නැතිව මේ තැනැත්තියගෙ සහෝදරයට දීලා වියදම් කරන්නෙ කොහොම ද, කොපමණ මුදලක් වියදම් කරලා තියනව ද කියලා මා වෙනම වෙනම හොයලා බලනවා. රාජ්‍ය මුදල් අවභාවිත කරන්න බෑ…“අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ නව වෙබ් අඩවියක් හැදූ බවත් ඉහත කම්කරු කාන්තාව පවසන පරිදි ඇයගේ ඥාති සහෝදරයා විසින් මකා දැමූ වීඩියෝ 124ක අන්තර්ගතය එම අලුත් වෙබ් අඩවියට ඇතුළු කර ඇති බවත්ය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ මේ සිද්ධිය සම්බන්ධව දෙපාර්තමේන්තු මට්ටමින් අදාල කාන්තාවට එරෙහිව කිසිම විනය පරීක්ෂණයක් සිදු කර නැති බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka