gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පෙරළිකාර සංගීතඥයකු වන ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කෝවිඞ් 19 වෛරසය ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක සති තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ සුනිල් පෙරේරා මහතා ඉන් සුවය ලබා නිවසට පැමිණියේ මීට දින කිහිපයකට පෙරයි.

අනතුරුව යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවූ ඔහු සිය දරු මුණුපුරන් සමඟ නිවසේ කාලය ගත කළා.

කෙසේ වෙතත් පසුව නැවතත් ඔහුගේ පෙණහලුවල මතු වූ යම්කිසි අසාත්මිකතාවක් හේතුවෙන් සුනිල් පෙරේරා නැවත රෝහල් ගත කෙරුණේ මීට දින තුනකට පෙරාතුවයි.

එම අසනීප තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු මෙම ප්‍රවීණ ගායකයා අද අලුයම් කාලයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. 


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka