හතර වරම් දෙයියන්ගේ පිහිටෙන් ඇවිත් පක්ෂ නායකත්වය භාර ගන්න – රනිල්ගෙන් තරුණයින්ට ඇරයුම් (video)
සියලු ජන කොටස් එක්සත් කරන ඒකීය ශ්‍රී ලංකාවක් බිහි කිරීමට හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
තමන් රට ආරක්ෂා කොට දියුණුවේ මාවතට යොමු කළ ද මේ වන විට රට අගාධයක සිරව ඇතැයි රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
ආර්ථික හා දේශපාලන ව්‍යසනයෙන් රට බේරා ගෙන ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් බිහි කරගන්නේ කෙසේ ද යන්න බවත් එජාප නායකයා පෙන්වා දෙයි.
සතර වරම් දෙවියන්ගේ ආශිර්වාදය ඇතිව පක්ෂ නායකත්වය ගැනීමට පැමිණෙන ලෙස රටේ තරුණ පරපුරට ඇරයුම් කළ රනිල් වික්‍රමසිංහ එවිට සතර වරම් දෙවියන්ගේ ආරක්ෂාව නිතැතින් ම ලැබෙනු ඇති බවත් අවධාරණය කළේ ය.
එක්සත් ජාතික පක්ෂ 75 වන සංවත්සරය අමතමින් හිටපු අගමැති, එජාප නායක රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේ ය.
හතර වරම් දෙයියන්ගේ පිහිටෙන් ඇවිත් පක්ෂ නායකත්වය භාර ගන්න – රනිල්ගෙන් තරුණයින්ට ඇරයුම් (video)
2021-09-06T08:05:00+05:30
Gossip Lanka Hot News






