අයි.එස්. ත්‍රස්තයාගේ තොරතුරු අපටත් දෙන්න - රජය නවසීලන්තයෙන් ඉල්ලයි!
නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි සුපිරි වෙළෙඳසලක නවසීලන්ත වැසියන් හය දෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාල ශ්‍රී ලාංකිකයා පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස රජය නවසීලන්ත රජයෙන් ඉල්ලීමක් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ පවසයි.
ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා මාර්ගයෙන් මෙරට රජය එම ඉල්ලීම කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ප්‍රහාරය සම්බන්ධව නවසීලන්ත නිලධාරීන් ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ප්‍රසංශා කර න බවත් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
-කීර්ති ප්‍රනාන්දු
අයි.එස්. ත්‍රස්තයාගේ තොරතුරු අපටත් දෙන්න - රජය නවසීලන්තයෙන් ඉල්ලයි!
2021-09-04T08:06:00+05:30
Gossip Lanka Hot News






