gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

විකල්ප ආණ්ඩුවකට ශ‍්‍රීලනිපය තීන්දුව ගනී!

පුළුල් වාමවාදී නව පෙරමුණක් බිහි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ඒ සඳහා සියලු ප්‍රගතිශීලී දේශමාමක බලවේග සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

විකල්ප ආණ්ඩුවක් සඳහා පක්ෂය ගොඩනගන්නේ කෙසේද ඒ සඳහා සංවිධාන කටයුතු සිදුකරන්නේ කෙසේදැයි දැනටමත් සාකච්ඡා කර අැති බවත් ඔහු පැවසීය.

නැවත වතාවක් පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සක‍්‍රීය කිරීමට ‍ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් දී තීරණය කළ බවද ඒ අනුව ඉදිරියේදී එම කටයුතු සිදු කරන බවද ඔහු තවදුරටත්සදහන් කලේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka