මාලදිවයිනේ දූපතක් සෑදීම සඳහා නැගෙනහිර පළාතේ විවිධ ප්‍රදේශවල වැලි එරටට රැගෙන යන බව මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාණක්‍ය රාසමානික්කම් මහතා(T.N.A.) පාර්ලිමේන්තුවේදී අද (7) පැවසුවා. ජාවාරමට සම්බන්ධව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයකු බවත් වැලි පටවන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බවත් හෙතෙම සඳහන් කළා.
ආණ්ඩුකාරවරිය ඊට සහයෝගය දෙන බවද මන්ත්‍රීවරයා චෝදනා කළා.
රටට ඩොලර් එන්නේ නම් එය ගැටලුවක් නැතත් එසේ රටට ඩොලර් නොයන බව තමාට දැනගන්නට ඇතැයි රාසමානික්කම් මහතා පැවසුවා.ආණ්ඩුකාරවරිය වැඩ කරන්නේ නීතියට කිසිම ගරු කිරීමක් නැතිව යැයිද ඔහු පැවසුවා.
මේ ප්‍රශ්නය විසඳා දෙන්නැයි රාසමානික්කම් මන්ත්‍රීවරයා මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නැයි අදාල ඇමැතිවරයාට දැනුම් දෙන බවයි.
රජය උත්තර නොදී පැන නො එන බවද ඔහු කියා සිටියා. තමා චාණක්‍ය මන්ත්‍රීවරයා ගැන කනගාටු වන බවත් මෙතුමාගේ මේ සියලුමප්‍රකාශ මාධ්‍ය ඉදිරියේ පමණක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් පැවසුවා.
