හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සාගල කාරියවසම් මහතාට තවමත් ආණ්ඩුවේ ආරක්ෂාව ලබා දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මෙහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පසුගිය දිනෙක සාගල රත්නායක, නවීන් දිසානායක සහ රුවන් විජයවර්ධන යන මහත්වරුන් තම කාර්යාලයට ඇමැති ආරක්ෂකයන් සමග කඩා වැදී කලබල කළ බවකි.
තමන් මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට පැමිණිලි කළ නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද ඒ මහතා කීය.
මෙම ප්‍රකාශයත් සමග කලබලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වහාම ඊට පිළිතුරු ලබා දීමට උත්සාහ කිරීමත් සමග සබාගැබේ උණුසුම් තත්ත්වයක් මතුවිය.
එහිදී වික්‍රමසිංහ මහතා ‘පිස්සා’ යැයි කියමින් සුරේෂ් මහතාට බැන වදින ආකාරයක්ද දැකගත හැකි විය.
