අධික වේගයෙන් ධාවනය වූ කන්ටේනර් රථයක් රත්නපුර කැටන්දොල මාර්ගයේ පාලමක් අසලදී ලිස්සා යාමෙන් පාලමේ ආරක්ෂිත වැට කඩාගෙන ගොස් අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළි ගොස් තිබෙනවා.
අද (13) උදෑසන සිදුවුණු මෙම අනතුරින් ජීවිත හානියක් සිදුව නැති බවටයි වාර්තා වන්නේ.
ඇඹිලිපිටියේ සිට කොළඹ දක්වා එළවළු සහ පළතුරු ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් මෙලෙස පෙරළී ගොස් තිබෙනවා.
කන්ටේනර් රථය මාර්ගයේ ලිස්සා යෑම නිසා ඊට ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියක් සහ මෝටර් රථයක් ද අනතුරට පත්ව තිබුණා.
මෙහිදී කන්ටේනර් රථයට යට වූ මෝටර් රථයට දැඩි හානි සිදුව තිබුණු අතර එහි රියදුරුගේ ජීවිතය වාසනාවන්ත අයුරින් බේරී තිබෙනවා. අනතුරට පත්වන අවස්ථාවේ රියදුරු පමණක් මෝටර් රථයේ සිට තිබෙනවා.
යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයා සුළු තුවාල ලබා තිබුණු අතර කන්ටේනර් රථයේ රියදුරු ද සුළු තුවාල ලබා ඇති බව රත්නපුර පොලීසිය පවසා සිටියා.
මෙම අනතුර සිදුවන ආකාරය පිටුපසින් ගමන් කරමින් සිටි යතුරු පැදිකරුවෙකුගේ හෙල්මටයේ සවි කර තිබූ කැමරාව පටිගතව තිබුණේ පහත අයුරින්,
