ඉඩම් ආරවුලකට පොහොට්ටු මන්ත්‍රී කළ පහරදීමෙන් දෙමව්පියන් රෝහලේ... මුනුපුරා පහරදීම වීඩියෝ කරලා - (video)
මාතර, වැලිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රසාද් මිලින්ද විසින් ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් සිය මව්පියන්ට අමානුෂික අයුරින් පහරදී ඇති බවට ඔහුගේ බාල සොහොයුරු නිරේෂ් ක්‍රිෂාන්ත පවසයි. පහර කෑ මව්පියන් මාතර මහ රෝහලේ සහ අහංගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මේ අතර පහරදීම සිදුවන අවස්ථාව නිරේෂ්ගේ දරුවා විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසියට පැමිණිලි කළද මෙතෙක් ඊට සාධාරණයක් ඉටුව නොමැති බව බාල සොහොයුරු නිරේෂ් චෝදනා කරයි.
කෙසේවෙතත් වැලිගම පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය. -දෙරණ
ඉඩම් ආරවුලකට පොහොට්ටු මන්ත්‍රී කළ පහරදීමෙන් දෙමව්පියන් රෝහලේ... මුනුපුරා පහරදීම වීඩියෝ කරලා - (video)
2021-09-19T19:57:00+05:30
Gossip Lanka Hot News






