gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පියතුමන්ලා ඉලක්ක කරපු කුමන්ත්‍රණයක්.. ආණ්ඩුවේ නාට්‍යයක්… අසාර්ථක පිටපතක් - චම්පික රණවක

ආණ්ඩුව සිය ඉත්තන් කිහිප දෙනකු යොදවාගෙන පියතුමන්ලා ඉලක්ක කර ගත් කුමන්ත්‍රණයක් දියත් කර තිබෙන බවත්, එය ආණ්ඩුවේ අසාර්ථක නාට්‍ය පිටපතක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දෙන්නේ තමන් හා කතෝලික පියතුමන්ලා කිහිප දෙනකු සමග සිදු කළ සංවාදයක් අද ආණ්ඩුව විසින් මාධ්‍ය හරහා පෙන්වමින් යන බවත්, එය තමන් ප්‍රසිද්ධියේ කළ සාකච්ජාවක් බවත්, අදත් එය යූටියුබ් මාධ්‍යයේ පවතින බවත්ය.

මෙය වසර 1600ක් පමණ පැරණි ‌කතෝලික පල්ලියට පවා කරන නිග්‍රහයක් බවත් ඒ මහතා කීය.

මෙය අසික්කිත දේශපාලන දඩයමක් බවත්, තමන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ සාක්ෂිය අද වන තෙක් ප්‍රසිද්ධ කර නැති බවත් ඒ මහතා පවසා සිටියේය.

ජනක් සිල්වා කොමිසම් වාර්තාවේ ඇති වෙලුම් 22 ප්‍රසිද්ධියට පත් කරන ලෙස තමන් ආණ්ඩුවට අභියෝග කරන බවද ඒ මහතා කීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka