1960 වසරේ සිට අඛණ්ඩව වසර 60 ක් පුරාවට පැවැත්වූ බණ්ඩාරනායක ගුණ සමරු උත්සවයේ 62 වන ගුණ සමරුව, පවතින දරුණු කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර 2021 සැප්තැම්බර 26 වන දින නොපැවැත්වෙන බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට සහ ඇයගේ වැඩිමහල්සාෙහායුරිය වන සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය දැනුම් දෙයි.
දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්. ඩී බණ්ඩාරනායක මහතා, දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතා වෙනුවෙන් මෙදින හැකි ඕනෑම වේලාවක, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව, ගෞරව දැක්වීම සඳහා ජනතාව වෙනුවෙන් ඉඩ කඩ වෙන් කර ඇති බව ද ඔවුහු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසති.
