පහන්තුඩා යුවලගේ වීඩියෝ 40ක් අසභ්‍ය වෙබ් අඩවියක!
බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවක් රූගත කර අන්තර්ජාලයට මුදා හැර ඇති යුවල දිවයිනේ විවිධ ප්‍රදේශවල රූගත කරන ලද අසභ්‍ය වීඩියෝ පට 40ක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තිබේ.
මෙම සියලු වීඩියෝ පටයන් ඔවුන් විසින් මුදල් ඉපැයීම සඳහා වසර කිහිපය තිස්සේ නිර්මාණ්‍ය කර අන්තර්ජාලයට මුදා හරින ලද ඒවාය.
ඒවා සියල්ලම ඇමරිකානු අසභ්‍ය වෙබ් අඩවියක් ඔස්සේ අන්තර්ජාලයට එක් කර තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද එම යුවළ කොරෝනා ආසාදිත තත්ත්වය හේතුවෙන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඉදිරියේදී ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමටද නියමිතව තිබේ.
පහන්තුඩා යුවලගේ වීඩියෝ 40ක් අසභ්‍ය වෙබ් අඩවියක!
2021-09-04T11:18:00+05:30
Gossip Lanka Hot News






