පහන්තුඩා යුවල අධිකරණයට නොගොස් ඇප ගත් හැටි!
බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවක් රූගත කර අන්තර්ජාලයට මුදා හැරියේ යැයි ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත් තුළ යුවල පොලිස් ඇප මත මුදා හැර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එළැඹෙන 16 වැනි දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ඔවුන්ට දැනුම් දී ඇති බවයි.
අදාල තරුණයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඒ හේතුවෙන් එම තරුණිය ආශ්‍රිතයකු වී ඇති නිසා ඔවුන් අධිකරණයට ඉදිරිපත් නොකොට පොලිස් ඇප මත මුදා හැර ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් හා ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියකි.
පහන්තුඩා යුවල අධිකරණයට නොගොස් ඇප ගත් හැටි!
2021-09-03T17:41:00+05:30
Gossip Lanka Hot News






