gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගාල්ල කැළඹයි! හිස කපා වෙන් කළ නිරුවත් සිරුරක් මුහුදේ පාවෙයි

හිස කපා වෙන්කළ නිරුවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක්  ගාල්ල සමුද්‍ර මාවත අසළ මුහුදු තීරයේ පාවෙමින් තිබිය දී සොයා ගන්න ගාල්ල පොලිසිය සමත් වී තිබෙනවා

ගාල්ල  පළතුරු වෙළෙඳසැළ ඉදිරිපිට සමුද්‍ර මාවතේ මුහුදු තීරය අසළ මෙම මළ සිරුර පාවෙමින් තිබෙන අතර දැඩි රළ පහර නිසා මළ සිරුර ගොඩට ගැනීම දුෂ්කර වී තිබෙන බව පොලීසිය සඳහන් කළා.

පවතින දැඩි රළ පහරට මළ සිරුර ගල්පර අතරට ගසාගෙනවිත් නැවත රළ පහරට මුහුද දෙසට ගසාගෙන යෑම නිසයි සිරුරු ගොඩ ගැනීම අපහසුවී තිබෙන්නේ.

අද (02) දිනයේ උදෑසන කාලයේ වෙරළ දෙසට ගිය පුද්ගලයෙකු විසින් මෙම සිරුර මුහුදු රළ අතර තිබෙන ආකාරය දැක තිබුණා. පසුව එම පුද්ගලයා විසින් මේ බව ගාල්ල පොලීසිය වෙත පවසා තිබුණා.

මෙම මළ සිරුරු පිරිමි අයෙකුගේ බවට සැකකරණ අතර හිස මසුන් විසින් කා දමා ඇද්දේ නැති නම්  කදින් හිස වෙන්කොට ගෙනවිත් දමා ඇති මළ සිරුරක් ද යන්න පිළිබද ගාල්ල පොලිසිය පරික්ෂණ පවත්වමින් සිටිනවා.

(ලලිත් චාමින්ද - ගාල්ල)


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka