gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"අපට රජය විශ්වාසයි... කතෝලික සභාවයි කාදිනල් හිමියි කරන්නේ කාගෙ හරි කොන්ත්‍රාතුවක්" - ඥානසාර හිමි (video)

වත්මන් රජය පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පාර්ශ්ව හඳුනාගෙන ඔවුන්ට නීතියෙන දඬුවම් දීම සඳහා නිවැරදිව කටයුතු කරමින් සිටියදී කතෝලික සභාව සහ මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ඊට බාධාවන අයුරින් කටයුතු කරන බවට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි චෝදනා කරයි.

“පෝට්සිටිය චීනෙට දෙනකොට ෂැංග්‍රිලා එකේ බෝම්බ දෙකක් පුපුරනවා. හැබැයි කාදිනල්ලා කවුරුවක්වත් ඒගැන කතා කරන්නෙ නෑ. මේ මතවාද කොහොමද, මේ මතවාද හැදුණෙ කොහොමද, බටහිර න්‍යායපත්‍රය මොකක්ද, කලාපීය දේශපාලනය මොකක්ද, බටහිර විසින් මුදාහැරලා තියෙන ඒගොල්ලන්ගෙ බටහිර පාලනය කිරීමේ අදිසි දේශපාලන හස්තය මොකක්ද, ඒ මොකුත් නොදැන මේ ආණ්ඩුවටයි වෙන කාටහරි ඇඟිල්ල දික් කර කර ඉන්නවා කාදිනල්තුමා.

මං ආණ්ඩුවට යෝජනා කරනවා ඇත්ත වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් මේ කතෝලික සභාව නටන්න පටන් අරන් තියෙනවානෙ. කාදිනල්තුමාට බාරදුන්නා නම් පොලිස්පතිකමයි, නීතිපති තනතුරයි, මොනවද සීඅයිඩී එකේ වගකීම් ටික දුන්නා නම් මේක හොයයි නෙ ? දීලා බලන්නකෝ. ඒ පිළිබඳව වගේවගක් නැතුව ඉඳලා මේවා වෙන්නෙ කොහොමද, කලාප දේශපාලනය මොකක්ද, මේක හැසිරෙන විදිය මොකක්ද, මේ මතවාද මොනවද, මේ මතවාද හදන රිස්වි මුක්තිලාගෙ කරට අතදාගෙන කාදිනල්, දැන් ඇඟිල්ල දික් කරනවා මෙහෙම වෙන්න ඇති, මෙහෙම වෙන්න ඇති කියලා. එනිසා මං ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා පොලිස්පති තනතුරයි, සීඅයිඩී එකයි, නීතිපති එකයි බාරදෙන්න කාදිනල්තුමාට. මේ කොරලා බලන්න කියලා.

මේ යක්කු මේ කරන දෙයින් මේ මහපොළවෙ පැළවෙමින් තියෙන ඇත්ත අර්බුදය, මේ ඇත්ත උන්මත්තක මතවාද ටික අපට තලාදාන්න බැරිවෙනවා. මේගොල්ලන් කරන මේ අනවශ්‍ය … කාගෙ හරි … මේ … මේගොල්ලත් කරන්නෙ කාගෙ හරි කොන්ත්‍රාත් එකක්. මං බය නැතිව කියනවා. දැන් තියෙන රුදාව තිබුණා නම් 2019ට කලින් ඔය මොකුත් වෙන්නෙ නෑ. මිනිස්සු මැරුණාට පස්සෙ තියෙන රුදාව තියෙන්න තිබුණෙ මිනිස්සු මැරෙන්න කලින්. අපි මේවා කියන කාලෙ. ඒ කාලෙ රිස්වි මුක්තිලාගෙ කරට අතදාගෙන අපට තමයි චෝදනා කරකර හිටියෙ.

මේ රජය කවුරු මොන විවේචන කෙරුවත් මම බරපතළ විදියට විශ්වාස කරනවා, පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පාර්ශ්ව හඳුනාගෙන ඒ අයට නීතියෙන් දඬුවම් දීම සඳහා වුවමනා කරන පරිසර සකස් කරමින් තියෙනවා. මේක ලහිලහියේ කඩිමුඩියේ තුවක්කුවක් අරන් වෙඩි තියනවා වගේ කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක ආගමික ප්‍රශ්නයක්, ඒ වගේම මේක හරිම සංකීර්ණයි”

ඥානසාර හිමි මේ බව පැවසුවේ ඊයේ (01) බොදුබල සේනාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. ඥානසාර හිමි මෙසේ කරළියට පැමිණියේ ද ටික කාලයකට පසුය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka