පිළියන්දල පොදු වෙළෙඳපොළ සංකීර්ණයට මධ්‍යම රාත්‍රියේ පොල්ලක් රැගෙන කඩාවැදුණු කැස්බෑව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු නිදාසිටි යාචකයන්ට ඉවක් බවක් නොමැතිව පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලීසිය කියයි.
තුවාල ලද යාචකයන් දෙනෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත
හිසෙන් ලේ පෙරෙන තුවාල සහිතව" බුදු අම්මෝ " යයි විලාප දෙමින් පිලියන්දල පොලිසියේ පිහිට පතා පෙරේදා රාත්‍රියේ දිව ආ පුද්ගලයන් පස්දෙනෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පොල්ලක් රැගෙන ආ පුද්ගලයෙකු නිදාගෙන සිටි තමන්ට ඉවක් බවක් නොමැතිව පහරදුන් බවට පවසා තිබූ බව පොලිසිය කියයි.
එසැනින් ක්‍රියාත්මක වූ පිලියන්දල පොලීසියේ ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පොදු වෙළෙඳපොළ වෙත යවා පහර දුන් පුද්ගලයා ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු කැස්බෑව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු බව අනාවරණය වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
(ලංකාදීප)
