gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැති මධ්‍යස්ථයි.. බැසිල් පක්‍ෂයි.. සෙසු පක්‍ෂ විරුද්දයි.. යුගදනවු සාකච්චා අසාර්ථකයි.. විස්තර මෙන්න..

යුගදනව් බලාගාරයෙන් කොටසක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාව අසාර්ථක වී තිබේ.

සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ හවුල්කාර පක්ෂවල නායකයන් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි වහාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

ආණ්ඩුවේ සෙසු පක්ෂ විසින් දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ මෙම බලාගාරය ඇරිකානු සමාගමකට පැවරීම ගැටලුකාරී බවත් බවයි.

නමුත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම මෙම ආයෝජනය මගින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250 ක පමණ ලැබෙන බවත් එය වාසිදායක ආයෝජනයක් බවත් පෙන්වා දී තිබේ.

මෙම බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට ලබා දීමට ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය නොදක්වන බව එම පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ජයසිරි ජයසිංහ මහතා සාකච්චාව අවසානයේ මාධ්‍ය වෙත පැවසීය.

මෙම ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ විදුලි බල ඒකාධිකාරිය විදේශයකට හිමි වීමේ ඉඩක් ඇති බවට පැවසූ ඔහු එම විනාශයට තම පක්ෂය සහය නොදක්වන බව ද සඳහන් කළේය.

අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය වෙත කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී මධ්‍යස්ථ ස්ථාවරයක් දැරූ බවයි.

අදාල කැබිනට් යෝජනාව ඉදිරිපත් කල මුදල් අමාත්‍යවරයා ඇතුළු පාර්ශවය එක් මතයක්ද සෙසු පක්ෂ නායකයන් වෙනත් මතයකුත් දැරූ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

බලාගාරය සම්බන්ධයෙන් තම මතය සඳහන් කරමින් අත්සන් සහිත ලිපියක් ජනාධිපතිවරයාට භාර දීමට ද හවුල්කාර පක්ෂ බලාපොරොත්තුවෙන් සිටී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka