තවත් ප්‍රහාරයක් ගැන ඥානසාර හාමුදුරවො කරපු ප්‍රකාශය ගැන වහාම පරීක්ෂණයක් කරන්න ඕනෑ... ආණ්ඩුව පැත්තෙනුත් ඉල්ලයි - (video)
පාස්කු ප්‍රහාරය මෙන් තවත් ප්‍රබල ප්‍රහාරයක් එල්ල වීමේ අනතුරක් ඇති බවටත්, ඒ සදහා අවශ්‍ය බඩු පාව සූදානම් කරගෙන සිටින බවටත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ ප්‍රකාශය පිළිබදව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සදහන් කර සිටියේ එසේ නොමැති වුවහොත් සිංහල මුස්ලිම් නැති ප්‍රශ්නයක් නැවත ඇතිවිය හැකි බවකි.
උන්වහන්සේ කියන කතාවේ සත්‍ය හෙළිකර ගත යුතු බවත්, එසේ නොමැති වුවහොත් උන්වහන්සේ කාදිනල් හිමියන්ට දිගු කරන ඇගිල්ල ආණ්ඩුවටද දිගු කරනු ඇති බවත් පෙරේරා මහතා කීය.
තවත් ප්‍රහාරයක් ගැන ඥානසාර හාමුදුරවො කරපු ප්‍රකාශය ගැන වහාම පරීක්ෂණයක් කරන්න ඕනෑ... ආණ්ඩුව පැත්තෙනුත් ඉල්ලයි - (video)
2021-09-23T21:36:00+05:30
Gossip Lanka Hot News






