අලුතින් ආ OIC ට දේශපාලඥයාගේ අකමැත්ත.. වහාම ස්ථාන මාරු කරයි
කඩවත පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති තනතුරට අලුතෙන් පත් කර එවු නිලධාරියෙකු ගම්පහ දිස්ත්‍රික් ආණ්ඩුපක්ෂ දේශපාලඥයකු මැදිහත් වී ස්ථාන මාරු කර ඇතැයි වාර්තා වෙයි.
අදාළ නිලධාරියා යක්කල පොලීසියේ රාජකාරියේ නිරතව සිටි අයෙක් වන අතර කඩවත පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති තනතුරට උසස් පොලිස් නිලධාරියකුගේ නිර්දේශ මත පත් කර තිබේ.
එම නිලධාරියා රථවාහන පාඨමාලාව සඳහා පාඨමාලාව හදාරා ඒ සඳහා නිපුණතාවයක් ඇති නිලධාරියෙකු බව ද සඳහන්ය.
දේශපාලනඥයා විසින් එම පත් කිරීම සඳහා සම්බන්ධයෙන් නොසතුට පළ කිරීම හේතුවෙන් නැවතත් ඔහු යක්කල පොලිසිය සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර යවා ඇත්තේ නව තනතුරේ වැඩ භාර ගෙන දින දෙකකට පසුවයි.
අලුතින් ආ OIC ට දේශපාලඥයාගේ අකමැත්ත.. වහාම ස්ථාන මාරු කරයි
2021-09-21T12:34:00+05:30
Gossip Lanka Hot News






