gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බන්ධනාගාරයේ එවැනි සිදුවීමක් නොවූ බවක් මා කීවේ නෑ - බන්ධනාගාර කොමසරිස්

පසුගියදා අනුරාධපුර හා වැලිකඩ බන්ධනාගාර වල ඇති වූ සිද්ධීන් ගැන සොයා බලා කටයුතු කරන බව තමන් මාධ්‍ය ලෙස පැවසූ නමුත් ඒ එවන් සිදුවීමක් නොවුණු බවට තමන් කිසි විටෙක ප්‍රකාශ කර නැතැයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි.

බන්ධනාගාරවල කිසිදු සිදුවීමක් නොවුණා යැයි තමන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළා යැයි සමාජ ජාලා ඔස්සේ ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද ඔහු කියා සිටියි.

සමාජ ජාලා වන්නේ එවැනි ප්‍රචාරයක් ගෙනයන්නේ ඉකුත් දා තමන් විසින් එක්තරා විද්‍යුත් නාලිකාවක් වෙත කළ ප්‍රකාශයක කොටසක් පමණක් උපුටා දක්වමින් බවද ඔහු පවසයි.

ඉහත බන්ධනාගාරවල සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ අංශ තමා දැනුවත් කර තිබූ බවද එම සිද්ධි පිළිබඳ විමර්ශනයක් කිරීම සඳහා තමන් මේ වන විටත් බන්ධනාගාර කොමසාරිස් වරයෙකු පත් කර ඇති බව ද ඔහු සදහන් කරයි.

ඒ පිළිබඳව විමර්ශනය කිරීමක් කිරීම තමන්ගේ වගකීමක් බවද උපුල්දෙණිය මහතා තව දුරටත් කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka