gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

එකම පාර්ලිමේන්තු වාරයේ කැටගොඩ දෙවැනි පාරටත් දිවුරයි

ජයන්ත කැටගොඩ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 10.00ට ආරම්භ වූ අතර සභාවේ පළමු කටයුත්ත ලෙස ජයන්ත කැටගොඩ මහතාගේ දිවුරුම්දීම සිදුකෙරුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් ජයන්ත කැටගොඩ මහතා එලෙස දිවුරුම් දෙනු ලැබීය. 

ජයන්ත කැටගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙකු ලෙස මීට පෙර ද කටයුතු කළ අතර බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව ජයන්ත කැටගොඩ මහතා මෙලෙස එම සභාවාරය තුළ පාර්ලිමේන්තුවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ දෙවන වරටය. 


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka