gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දුප්පතුන්ට දෙන සහන මල්ලට නාගරික කොමසාරිස්වරිය පොල්ල දමයි... මන්ත්‍රීවරු උපවාසයක් අරඹති - (video)

සංචරණ සීමා හේතුවෙන් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට වියළි ආහාර පාර්සල් ලබාදීමට එම නගර සභාව මගින් යෝජනාවක් සම්මත කරගෙන තිබියදීත් නාගරික කොමසාරිස්වරිය එයට අනුමැතිය ලබා නොදුන්නේ යැයි විරෝධය පා එහි ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරු නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරයෙක් වන රම්සි ටෝනි මහතා ද මෙම විරෝධතාවට එක්ව සිටියේය.

ජනතාවට වියළි ආහාර මල්ලක් ලබාදීමේ යෝජනාව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විරෝධය පා මෙම විරෝධතාව මුලින්ට ආරම්භ කර ඇත්තේ ද රම්සි ටෝනි මන්ත්‍රීවරයා වන අතර පසුව එයට ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීන් ද එක්ව ඇත.

රට තුළ සංචරණ සීමා ක්‍රියාත්මකවීම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහනයක්වීම සඳහා ඔවුන්ට සතොස මගින් රුපියල් 4,000ක වියළි ආහාර පාර්සලයක් ලබාදීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට නාගරික කොමසාරිස්වරිය ඇතුළු නිලධාරීන් අනුමැතිය නොදීම කණගාටුවට කරුණක් බව උපවාසයට එක්වූ නගර සභා මන්ත්‍රීවරු පැවසූහ.

නාගරික කොමසාරිස්වරිය මෙහිදී නගරාධිපති සතු බලතල ද අතට ගෙන ඇති බවත්, මේ ගැන අවධානය යොමුකර සාධාරණයක් ඉටුකර දෙන බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ද ඉල්ලා සිටින බවත් ඔවුහු කීය.

මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මෙසේ පැවසුවාය.

“මේ නගර සභා සීමාවේ වැඩි වශයෙන් ඉන්නේ දෛනික ආදායම් ලබන ජනතාවයි. දැන් මාසයකට වැඩි කාලයක් සංචරණ සීමා ක්‍රියාත්මකවීමෙන් ඔවුන් දැඩි පීඩාවකට පත්වෙලා. ඒ නිසා සංචරණ සීමා ක්‍රියාත්මක කාලයේදී අඩු ආදායම්ලාභී ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය පාර්සලයක් ලබාදෙන ලෙස අපි විශේෂ මුදල් කාරක සභාවලදී ඉල්ලීම් කළා. මහා සභාවක් කැඳවා එහිදීත් එය සම්මත කරගත්තා. නමුත් දැන් එය නොදෙන තැනට නිලධාරීන් කටයුතු කරනවා. මෙය කළ නොහැකි බවට හේතු ඉදිරිපත් කරනවා. ඒ එකක්වත් නීත්‍යානුකූල හේතු නෙවෙයි.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka