අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවල වාර්තා වී ඇති සිදුවීම් සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ බව අධිකරණ ඇමති අලි සබ්‍රි අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී මෙම තීරණය ගත් බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මානව හිමිකම් කොමිසම මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ඔහු පාර්ලිමේන්තුවට කීවේය.
විනිසුරුවරයාගෙන් සමන්විත කමිටුව විසින් ලබා දෙන තීරණයට අනුව අවශ්‍ය උචිතම පියවර ගන්නා බවත් ඇමතිවරයා තහවුරු කළේය.
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ (ටීඑන්පීඑෆ්) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“ අධිකරණ ඇමතිවරයා ලෙස මා මෙම සිද්ධිය කොන්දේසි විරහිතව හෙළා දකිනවා. මෙය නින්දිත ක්‍රියාවක් “ අමාත්‍යවරයා පැවසීය.
