රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුරප්පාඩුවට ජයන්ත කැටගොඩ !
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ජයන්ත කැටගොඩ පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.
ඔහු මේබව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර මීළග මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීම සදහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්වීමට නියමිතව තිබෙනවා.
ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය රාජ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද භාරදීමට නියමිතයි.
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුරප්පාඩුවට ජයන්ත කැටගොඩ !
2021-09-13T12:17:00+05:30
Gossip Lanka Hot News






