gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

O/L ප‍්‍රතිඵල නිකුත් කලොත් පාරට බැස විරෝධතා කරනවා - ස්ටාලිං

සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා එම විෂය හැර අනෙකුත් විෂයන් වලට සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. යම් ලෙසකින් එවැනි තීරණයක් ගතහොත් ඊට තරයේ විරුද්ධ වන බවත් ගුරුවරුන් හා සාමාන්‍ය පෙල විභායට පෙනී සිටි සිසුන් සහ මවුපියන් එක්ව එයට එරෙහි වන බවත් සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

සෞන්දර්ය විෂය නැතිව සෙසු විෂයන් වල ප්‍රතිඵල පමණක් නිකුත් කිරීම දරුවන්ට කරන අසාධාරණයක් බවද ඒ මහතා අවධාරණය කරයි.

වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස විභාග රාජකාරිවලින් ඉවත් වුවත් සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ තවමත් පැවැත්වීමට නොහැකිව ඇත්තේ ගුරු අරගලය නිසා නොවන බව ද ඔහු කියා සිටියි.

ගුරුවරුන්ගේ ගැටලු විසඳීමට සාකච්ඡාවක් ලබා දීමට තරම් බලධාරීන් උනන්දු නොවන පසුබිමක තම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් අරගලය තවදුරටත් ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද හෙතෙම කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka