gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

යාපනය සරසවිය කැළඹෙයි! අභිරහසක් ඉතිරි කොට සිසුවියක් මිය යයි - (photos)

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවියකගේ මළසිරුර ඇයගේ නිවසේ තිබී පෙරේදා (11) දිනයේ දී හමු වූ බවට යාපනය පොලීසිය පවසා සිටිනවා.

වෛද්‍යපීඨයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ශාරුණිකා නැමති මෙම සිසුවියගේ මළ සිරුර ඇගෙ නිවසේ කාමරයේ තිබියදී සොයාගත් බවට පොලීසිය සඳහන් කළේ.

චුන්නාකම් උඩුවිල් කාන්තා විදුහලේ ඉගෙනුම ලැබූ දක්ෂ සිසුවියක් වූ ඇය එම පාසලෙන් සරසවියට වරම් ලැබූ පළමු වෛද්‍ය සිසුවියද ඇය වෙනවා.

සිසුවිය මිය යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර සියදිවි හානිකරගැනීමක්ද එසේත් නැතිනම් ඝාතනයක්ද යන්න පිළිබඳව සෙවීමට පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇති අතර සිසුවියගේ අධ්‍යාපන කටයුතුවලදී ඇති වූ මානසික ආතතියක් හේතුවෙන් සිසුවිය සියදිවි හානිකරගන්නට ඇති බවට පොලීසිය සැක කරමින් සිටිනවා.

(රොමේෂ් මධුෂංඛ - වව්නියාව)


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka