බදියුදීන්ට දුරකථනයක් දුන් ජේලර් මැගසින් එකෙන් වවුනියාවට!
දැනට රක්ෂිත බන්ධනාගාරගව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට ජංගම දුරකථනයක් ලබා දුන් බවට හඳුනාගෙන ඇති ජේලර්වරයාට ස්ථාන මාරුවක් ලබාදීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.
ඒ අනුව එම ජේලර්වරයා මැගසින් බන්ධනාගාරයේ සිට වව්නියාව බන්ධනාගාරය වෙත ස්ථාන මාරුවක් ලබා දීමට පියවර ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
ඊයේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා සිය මැරිය තුළ සිට ජංගම දුරකථනයකින් ඇමතුවක් ගනිමින් සිටිය දී එම සිරමැදිරිය දෙසට ගිය බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයා සහ තවත් ජේලර්වරයෙක් දැක කලබල වී ජංගම දුරකථනය සිර මැදිරියේ කවුළුවකින් එළියට විසි කර තිබේ.
එම දුරකථනය බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත.
බදියුදීන්ට දුරකථනයක් දුන් ජේලර් මැගසින් එකෙන් වවුනියාවට!
2021-09-03T22:16:00+05:30
Gossip Lanka Hot News






