gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මගෙන් පසු නායකත්වයට පත්වූ පුද්ගලයා ලංකාවේ ලොකුම කැසිනෝකාරයා, ලොකුම කුඩුකාරයෝ, කසිප්පු මුදලිලාව පාර්ලිමේන්තු යැව්වා - චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක් (video)

ශ්‍රී.ල.නි.පයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දියණිය වූ ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්ෂයේ වත්මන් තත්ත්වය සහ අනාගතය ගැන සිය මතය ඉදිරිපත් කර තිබෙනවා.

සිය පියා සහ මව මෙන්ම තමා ගේ ජීවිත කාලයෙන් වැඩිම කොටසක් වෙන් කර තිබෙන්නේ ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් බව පෙන්වා දෙන හිටපු ජනපතිනිය ශ්‍රී.ල.නි.පය මෙරට වැඩිම කලක් ආණ්ඩු කළ , රට වෙනුවෙන් හොඳ දේවල් රාශියක් කළ පක්ෂය ලෙසයි හඳුන්වා දෙන්නේ.

එහෙත් අද පක්ෂයට අත්ව තිබෙන ඉරණම පිළිබඳව තමාට විශාල කණගාටුවක් තිබෙන බවයි ඇය සඳහන් කරන්නේ.

මමත් වගකියන්න ඕන

තවමත් උදේට අවදි වන විට පක්ෂයට වී තිබෙන විනාශය ගැන හිතෙන විට ඇඳෙන් නැගිටීමට සිතෙන්නේ නැති බවයි කුමාරතුංග මහත්මිය අවධාරණය කරන්නේ.

පක්ෂයට අත්ව තිබෙන ඉරණමට තමාත් වගකිවයුතු බව සමහර වෙලාවට තමන්ට සිතන බව සදහන් කරන කුමාරතුංග මහත්මිය ඒ පක්ෂය වෙනුවෙන් කළ දේවල් නිසා නොව පක්ෂය වෙනුවෙන් නොකළ දේවල් නිසා බවයි පෙන්වා දෙන්නේ.

මමයි ඔය පාර කැපුවේ

"1994දී අවුරුදු 17ක් ගුටි කකා පැරදි පැරදි හිටපු පක්ෂය බලයට ගේන්න මම සහ තවත් කීපදෙනකු විශාල වෑයමක් දරා කටයුතු කළේ තවත් පිරිසක් විරුද්ධ වෙද්දී" බවයි හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරන්නේ.

"එහෙම බලයට ගෙනහල්ලා පක්ෂය ශක්තිමත් කර ඒ තුළින් රට පාලනය කළ හා රටට කළ වැඩ කොටස නිසා පක්ෂයට අඛණ්ඩව අවුරුදු 21ක් බලයේ ඉන්න පුළුවන් වුණා." යැයිද ඇය පෙන්වා දෙනවා.

තමා කිසි දිනකවත් තමා කළ වැඩ යැයි කියන්නේ නැතිමුත් පක්ෂයට අඛණ්ඩව දශක දෙකකට වඩා කාලයක් බලයේ සිටීමට හැකි වුණේ තමන් කළ වැඩ නිසා බවයි කුමාරතුංග මහත්මිය සඳහන් කරන්නේ.

දෙන්නම කළේ විනාශය

එවන් ශ්‍රී.ල.නි.ප ය විනාශ කළේ තමාට පසු පක්ෂ නායකත්වයට පත් පුද්ගලයන් දෙදෙනා බවට කුමාරතුංග මහත්මිය චෝදනා කරනවා.

තමාට පසු නායකත්වයට පත්වූ පුද්ගලයා පක්ෂය තමන්ට ඕන ආකාරයට හැඩ ගස්වමින් රට විනාශ කිරීමට කළ හැකි හැම දේම කළ බවයි කුමාරතුංග මහත්මිය සඳහන් කරන්නේ.

2015දී පක්ෂ නායකත්වයට පත් සිරිසේන මහතාට ශ්‍රී.ල.නි.පය යළි ගොඩනැගීමේ අවශ්‍යතාවයක් තිබුනත් 2017 වසරේදී යලි රාජපක්ෂලා සමග එකතු වී පක්ෂයේ විනාස කිරීමට වැඩ කළ බවට හිටපු ජනපතිනිය චෝදනා කරනවා.

සිරිසේන මහතා තමාටද ශ්‍රී.ල.නි.පය යළි ගොඩනැගීමට කටයුතු නොකරන ලෙසද දැනුම් දුන් බවත් කුමාරතුංග මහත්මිය සඳහන් කරනවා.

මාව මරන්නත් හැදුවා

තමා ජනපති ධුරයෙන් ඉවත් වූ විට එවකට තිබූ ත්‍රස්තවාදී වටපිටාවද නොසලකා තමාගේ සම්පූර්ණ ආරක්ෂාව ඉවත් කිරීමට එවකට සිටි රාජ්‍ය නායකයා කටයුතු කළේ තමාව ඝාතනය කරවීමේ අවස්ථාවේ මත බවටයි හිටපු ජනපතිනිය පෙන්වා දෙන්නේ.

ඒ ශ්‍රී.ල.නි.පය යළි ගොඩනැගිය හැකි ජීවත්ව සිටින එකම බණ්ඩාරනායක තමා බැවින් තමාව විනාශ කිරීමේ අරමුණින් බවයි ඇය සඳහන් කරන්නේ.

හිටපු ජනපතිනිය මෙම අදහස් පල කරන්නේ අදට (2) යෙදී තිබෙන ශ්‍රීලනිපයේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka