gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගෑස් ගේන්න ඩොලර් නෑ.. යලිත් හිගයක්.. මිල යලි වැඩි කරන්න ඉල්ලයි.. එවිට නව මිල 2147ක්!

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ගෑස් ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කර ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. 

ගෑස් ආනයනය කිරීමට නම් කඩිනමින් ඩොලර් ලැබිය යුතු බව සමාගම් කියා සිටිති.

ලිත්‍රො ගෑස් මිල ඉහල නොදැමීම නිසා එම සමාගමේ අලාභය බිලියන 08ක් දක්වා ඉහල ගොස් ඇති අතර එමගින් එහි පාලිත සමාගම වන ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවටද අමතර පීඩනයක් එල්ල වෙමින් ඇත.

මේ අතර  තව දුරටත් පාඩු ලබන බව පවසමින් ගෑස් මිල ඉහළ දැමීම සඳහා ලාෆ් සමාගම විසින් පාරිභෝගික කටයුතු අධිකාරියයෙන් ඉල්ලීමක් කර තිබේ.

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 291 කින් හා කිලෝග්රෑම් 05 සිලින්ඩරයක් රුපියල් 114 කින් ඉහළ දැමීමට මෙසේ අවසර ඉල්ලා ඇත.

එම ඉල්ලිමට ඉඩ ලබාදුනහොත් කිලෝ 12.5 සිලින්ඩරයක් රුපියල් 2147ත් හා කිලෝ 5 සිලින්ඩරයක් රුපියල් 858 දක්වා ඉහළ යයි.

පසුගිය මාසයේදී ද ලාෆ් ගෑස් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 363කින් සහ කිලෝ 5 සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ දැමීමට රජය අවසර දුන්නේය.

ඊට හේතු වූයේ මිල වැඩි කිරීමක් නොකර ගෑස් වෙළඳාම අලාභ බව පවසමින් එම සමාගම විසින් ගෑස් ආනයනය අත්හිටුවා තිබීමයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka