gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද බඩු හංගන වෙළෙන්දො එදා සුනාමි වෙලාවේ චේන් කඩපු හොරු වගේ - රෝහිත

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඊයේ (10) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ කියා තිබේ.

"අපි දැක්කා පහුගිය දිනවලදී මේ රටේ වෙළඳ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා.

 මේ රටේ ඉතිහාසයේදී අපි දැක්කා එකක් තමයි ත්‍රස්තවාදය. ඒ ත්‍රස්තවාදය වකවානුව තුළ මිනිස්සු ඉතාම අසරණභාවයකට පත්වුණා. විශේෂයෙන් උතුරු නැගෙනහිර. සමහරවිට උතුරු නැගෙනහිර විතරක් නෙවෙයි දකුණෙත් එහෙම වුණා. බෝම්බයක් පිපුරුණාම, කොළඹ වගේ තැන්වල බෝම්බයක් පිපිරුණාම මිනිස්සු බයවෙනවා. ඒවගේ අවස්ථාවන් වලදී රජයන් හැටියට වගකීමකින් වැඩ කළයුතු වෙනවා.

ඒ වගේම තමයි සුනාමි අවස්ථාව. සුනාමි ඛේදවාචකයට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච වෙලාවෙත් රජයක් හැටියට කොහොමද මුහුණ දුන්නෙ කියන එක ගැන වගකීමෙන් කටයුතු කරන්න ඕනෙ. මේ වගේ අවස්ථාවක යම් විදියට තමන්ගෙ ව්‍යාපාරයෙන් අයුතු ලෙස ලාබ ලබන්න කවුරුහරි උත්සාහ කරනවා නම් ඒක ඉතාම වැරදි සහගත දෙයක්. ඒක වැරදි සහගත දෙයක්. අපි දැක්කානෙ සුනාමියෙ. සුනාමි වෙලාවෙ අපි සමහර අවස්ථාවල අපට දකින්න ලැබුණා මාධ්‍ය වාර්තා කරනවා මේ මේ සුනාමියෙ ගහගෙන යන ළමයාගෙ චේන් එක කඩාගන්නවා. සුනාමියෙ ගහගෙන යන ළමයාගෙ මොනවා හරි දෙයක් තියෙනවා නම් උදුරාගන්න පුළුවන් ඒක උදුරාගන්නවා කියලා අපට අහන්න ලැබුණා. ඉතිං ඒ වගේ තමයි යම් විදියකට වෙළෙන්දො උත්සාහ කරනවා නම් මේ භාණ්ඩ තමන් සඟවාගෙන ඉඳලා වැඩි මිලට විකුණන්න බලාගෙන ඉන්නවා නම් ඒක ඉතාමත්ම වැරදි කාර්යයක් කියලා අපි පැහැදිලිවම කියන්න ඕනෙ"


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka