18 අඩු දරුවන්ගේ තොරතුරු ගන්න වසංගත රෝග විද්‍යා අංශයේ නමින් ව්‍යාජ අයදුම්පතක් අන්තර්ජාලයේ… සෞඛ්‍ය අංශ පොලිසි යයි!
වයස අවුරුදු 18 ට අඩු දරුවන්ගේ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලමින් වසංගත රෝග විද්‍යා අංශයේ නම සඳහන් කරන ලද ගූගල් අයදුම්පතක් අන්තර්ජලයේ හුවමාරු වන බැවින් එම අයදුම්පත සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සඳහන් කරයි.
මෙවැනි අයදුම්පතක් වසංගත රෝග විද්‍යා අංශය මගින් නිකුත් කර නොමැති බවත් එම අයදුම්පතට කිසිදු තොරතුරක් ඇතුළත් නොකරන ලෙසත් දරුවන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටියි.
වසංගත රෝග විද්‍යා අංශයෙන් හෝ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මෙසේ තොරතුරු එක්රැස් කරන්නේ නම් තම ආයතනයේ නිල වෙබ් අඩවියෙන් හෝ නිල ෆේස්බුක් පිටුවේ පළ කරන බවද අධ්‍යක්ෂවරයා පැවසීය.
18 අඩු දරුවන්ගේ තොරතුරු ගන්න වසංගත රෝග විද්‍යා අංශයේ නමින් ව්‍යාජ අයදුම්පතක් අන්තර්ජාලයේ… සෞඛ්‍ය අංශ පොලිසි යයි!
2021-09-03T19:37:00+05:30
Gossip Lanka Hot News






