යුගදනවි ගිවිසුම MCC කොටසක්.. ආණ්ඩුව MCC කොටස් වශයෙන් ක‍්‍රියාත්මක කරනවා - ඇල්ලේ ගුණවංශ හිමි
යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට පැවරීම එම්.සී.සී. ගිවිසුමේම කොටසක් බවත් වත්මන් ආණ්ඩුව ද ක්‍රියාත්මක කරමින් සිටින්නේ එම් සී සී ගිවිසුමේම කොටස් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.
එක එක නම් වලින් ආණ්ඩුව එම ගිවිසුමේ කොටස් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවත් එය පරාජය කිරීමට නීතිමය අංශ සමග සාකච්ඡා කරමින් සිටින බවත් උන්වහන්සේ පැවසූහ.
අද ජාතික සම්පත් රැක ගැනීමට ජාතික සම්පත් වලට ආදරය කරන නායකයන් නැති වීම මහා ඛේදවාචකයක් බව ද උන්වහන්සේ පෙන්වා දෙති.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හැර ඉන් පසු පත්වූ සහ පත්වී සිටින සියලුම නායකයන් කරන්නේ රටේ සම්පත් කොටසින් කොටස ඉන්දියාව චීනය ඇමරිකාව වැනි රටවලට කුණු කොල්ලයට විකුණා දැමීම බවද උන්වහන්සේ පැවසූහ.
යුගදනවි ගිවිසුම MCC කොටසක්.. ආණ්ඩුව MCC කොටස් වශයෙන් ක‍්‍රියාත්මක කරනවා - ඇල්ලේ ගුණවංශ හිමි
2021-09-26T19:32:00+05:30
Gossip Lanka Hot News






