gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“භාණ්ඩ සැගවීම + භාණ්ඩ සෙවීම = භාණ්ඩ මිල වැඩි කිරීම”ආණ්ඩුවෙන් අලුත් මිල සුත‍්‍රයක්ලු..

පාරිභෝගික කටයුතු අධිකාරී පනත සංශෝධනය කිරීම හා භාණ්ඩ මිල ඉහළ යාම. 2021/09/22 දින සිට 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතට නව සංශෝධනයක් එකතු කර ඇත. එමගින් නීති කඩකරන වෙළදුන් සදහා වන දඩ මුදල් වැඩි කර ඇත. 2003 අංක 9 දරණ පාරිභෝගික කටයතු අධිකාරී පනත අනුව පළමුවරට වරදක් කරනු ලබන වෙළෙන්දෙකු සදහා පනවන අවම දඩ මුදල රුපියල් පන්දාහක් ක් වන අතර උපරිම දඩ මුදල රුපියල් පනස් දහසකි. එම වරද කරනුයේ සංස්ථාවක් වන විටදී එම සංස්ථාව පළමුවරට වරදක් කරනු ලබයි නම් අවම දඩ මුදල රුපියල් පනස්දහසක් වන අතර උපරිම දඩමුදල වන්නේ රුපියල් දස ලක්ෂයකි. වෙළෙන්දෙකු විසින් ඉන් පසුව කරනු ලබන වරදක් සදහා පනවන අවම දඩ මුදල රුපියල් දසදහසක් වන අතර උපරිම දඩමුදල රුපියල් ලක්ෂයකි. සංස්ථාවක් ඉන්පසුව කරනු ලබන වරදක් සදහා පනවනු ලබන අවම දඩ මුදල රුපියල් ලක්ෂයක් වන අතර උපරිම දඩ මුදල රුපියල් දසලක්ෂකි. 2021 අංක 20 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී(සංශෝධන ) පනත අනුව පළමු වරට වරදක් කරන ලබන කඩහිමියෙකු සදහා අයකරන ලබන අවම දඩමුදල රුපියල් ලක්ෂයක් වන අතර උපරිම දඩමුදල ලක්ෂ පහකි. සංස්ථාවක් පළමුවරට සිදු කරනු ලබන වරදක් සදහා පනවන දඩමුදල රුපියල් ලක්ෂ පහක් වන අතර උපරිම දඩමුදල රුපියල් ලක්ෂ පනහකි. වෙළෙන්දකු විසින් ඉන්පසුව කරන ලබන වරදක් සදහා පනවන අවම දඩ මුදල රුපියල් ලක්ෂ දෙකක් වන අතර උපරිම දඩමුදල ලක්ෂ දහයකි. එම තැනැත්තා සංස්ථාවක් වන විටදී පනවන දඩමුදල රුපියල් ලක්ෂ දහයක් වන අතර උපරිම දඩමුදල රුපියල් ලක්ෂ සියයකි.

මෙසේ දඩ මුදල් වැඩි කිරීම මගින් පාරිභෝගිකයාට සහනයක් ලැබෙනවා නම් නම් අප ඉතාමක් කැමැති අතර මෙතෙක් ක්‍රියාත්මක් වූ අඩු දඩමුදල් පවා වැරදි කරනු ලබන වෙළෙදුන්ගෙන් අය කර ගැනීමට නැතිනම් ඔවුන් නීතය හමුවට පැමිණවීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිළධාරීන් කටයුතු කළේ නැත. එසේ තිබියදී දඩ මුදල් වැඩි කිරීමෙන් සිදුවනුයේ පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ගේ මඩිය තරවීම පමණක් වන බව අප සංවිධානයේ අදහසයි.

කෙසේ වෙතත් මේ වන විටත් අත්‍යාවශ්‍යභාණ්ඩ සදහා වන පාලන මිල ක්‍රියාත්මක වන්නේ නැති අතර එය ක්‍රියාත්මක කරන බවක්ද පෙනෙන්නට නැත. ජනතාව පෙන්වා දෙන අකාරයට මේ රජයේ මිල සූත්‍රය අමුතුම ආකාරයේ එකකි එනම් එය ‘’ භාණ්ඩ සැගවීම+ භාණ්ඩ සෙවීම = භාණ්ඩ මිල වැඩි කිරීම.’’ එය අමුතුම ආකාරයේ මිල සූත්‍රයකි. කහ ,සීනි ගෑස් තිරිගු පිටි පරිප්පු සහල් සහ වෙනත් ආහාර ද්‍රව්‍ය සදහා එම මිල සූත්‍රය හොදින් ක්‍රියාත්මක වන අකාරය අපට දැක ගතහැකි විය. පාරිභෝගික අධිකාරිය වැටලීම් කර ගබඩාවලට සීල් තබා පසුව හොර රහසේ එම සීල්තැබූ ගබඩාවේ යතුර අදාල ව්‍යාපාරිකයාට දෙනු ලබයි. ඔහු කඩිමුඩියේ ගබඩාවේ ඇති භාණ්ඩ ඉවත් කරනු ලබයි.

පාරිභෝගිකයාට මාධ්‍ය සංදර්ශණ නොදමා භාණ්ඩ මිල අඩු කර සහනයක් ලබාදෙන අපි රජයෙන් ඉල්ලා සිටිමු.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ඉහත දැක්වෙයි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka