ජොගින් ට්‍රැක් එකට ගලවපු අලිවැටෙන් රිංගූ අලි පොලොන්නරුව නව නගරයටම ගිහින් අලි ජරමරයක් කරලා - (video)
පරාක්‍රම සමුද්‍රයේ බැම්ම මත ඇවිදින මංතීරුවක් නිර්මාණය කිරීම සඳහා විදුලි වැට ගලවා ඉවත් කිරීමෙන් පොළොන්නරුව නව නගරය ආසන්න ප්‍රදේශවලටත් වන අලි තර්ජන එල්ල විය. තමන්කඩුව, පරාක්‍රම සමූද්‍රය ආසන්නයේ පිහිටි පත්තිනි පෙදෙස ගම්මානයට මෙසේ වනඅලි ඇතුළු වී ඇත.
ගම්වාසින් පවසන්නේ, පරාක්‍රම සමූද්‍රය වැව් රක්ෂිතයේ සැරිසරන වනඅලි ගම්මානවලට කඩා වැද ඇති බවයි.
වසර කිහිපයකට ඉහතදී රජයේ මැදිහත්වීමෙන් වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරාක්‍රම සමූද්‍රය වැව් රක්ෂිතයේ සැරිසරන වන අලි ගම්වැදීම වැළැක්වීම සඳහා පරාක්‍රම සමූද්‍රයේ වැව් බැම්ම දිගේ ඉදිකළ විදුලි වැට පසුගිය දා ගලවා දැමුණි.
නිලධාරීන්ගේ හා බලධාරීන්ගේ මෙවන් අවිධිමත් තීරණ නිසා ගම්මුන් මෙන්ම වන අලීන් ද අසරණ තත්ත්වයට පත්ව ඇත.
මේ පසුබිම තුළ බෙහෝ ගම්මානවල මිනිස් ජීවිත මෙන්ම වන අලීන්ගේ ද ජීවිත තර්ජනයට ලක්විය.
-නිව්ස්
ජොගින් ට්‍රැක් එකට ගලවපු අලිවැටෙන් රිංගූ අලි පොලොන්නරුව නව නගරයටම ගිහින් අලි ජරමරයක් කරලා - (video)
2021-09-26T19:23:00+05:30
Gossip Lanka Hot News






