gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ට-රංගේට උසාවියෙන් තහනමක්!

පක්ෂයෙන් නෙරපා හරිනු ලැබූ බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වසන්ත මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන මන්ත්‍රිවරුන් 21 දෙනෙකු වෙනුවට වෙනත් පිරිසක් නම් කිරීම වළක්වමින් කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා අද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් වෙත වාරණ නියෝගයක් නිකුත් කළේ ය.

පසුගිය මැතිවරණවලදී සමගි ජනබලවේගය පක්ෂයට සහය දැක් වූයේ යැයි, චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තමන් ද පක්ෂයෙන් නෙරපා හැර ඇතත්, සාධරණ විනය පරීක්ෂණයකට හෝ මුහුණදීමට අවස්ථාවක් ලබා නොදී එලෙස පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම යුක්ති සහගත නොවන බව පෙන්වා දෙමින් ගොනුකර තිබූ පැමිණිල්ල සලකා බැලූ දිසා විනිසුරුවරයා ලබන 29 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි එම වාරණ නියෝග නිකුත් කළේ ය.

එදිනට අධිකරණය හමුවේ පෙනී සිට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබු එජාප නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ විනය කමිටුවේ ලේකම් අමිත ජයසේකර යන මහත්වරුන් වෙත අතුරු තහනම් දැන්වීම් සහ නොතිසි යැවීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේ ය.

පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන , ජනාධිපති නීතිඥ පර්මාන් කාසීම් යන මහත්වරුන් පෙනී සියහ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka