gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඓතිහාසික තීන්දුවක්..ඡන්දෙට බඩු බෙදූ මන්ත‍්‍රී උසාවියෙන් ගෙදර!

මැතිවරණ කාලය තුළ ඡන්ද දායකයන්ට විවිධ භාණ්ඩ සහ සේවාවන් අල්ලස් ලෙස ලබාදුන්නැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවකින් වැරදිකරු වූ මොනරාගල ප‍්‍රාදේශීය සභාවේ මදුරුකැටිය කොට්ඨාසයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ තරංග හර්ෂක දිසානායක මහතාගේ මන්ත‍්‍රී ධූරය අහෝසි කොට ඊළඟට වැඩිම ඡන්ද ලබාගෙන සිටින අපේක්ෂකයා මන්ත‍්‍රී ධුරයට පත්කරන ලෙසට මොනරාගල මහාධිකරණ විනිසුරු (පූර්වගාමී) රංග දිසානායක මහතා පෙරේදා (13දා) නියෝග කළේය.

ඉකුත් පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයේදී මොනරාගල මදුරුකැටිය ඡන්ද කොට්ඨාසයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ ඩබ්ලිව්. එම් සුනිල් ශාන්ත මහතා විසින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කොට තේරී පත්වූ තරංග හර්ෂක දිසානායක මහතා ඇතුළු අනූපස් දෙනකු වගඋත්තරකරුවන් කරමින් මොනරාගල මහාධිකරණයේ මෙම නඩුව පවරා තිබිණි.

මැතිවරණ කොමිසම, කොමිසමේ සාමාජිකයින්, තේරීම් භාර නිලධාරී, මොනරාගල තේරීම් භාර නිලධාරී, මොනරාගල සහකාර මැතිවරණ කොමසාරිස් යන අය වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබිණි.

මෙහිදී පුද්ගලයන් දොළොස් දෙනකු සාක්ෂි දුන් අතර තොරතුරු ලබාගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරුද සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබිණි.

2012 අංක 22 දරන පනතින් සංශෝධිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (262 වන අධිකාරිය) 82 වන වගන්ති යටතේ මෙම නඩුව පවරා තිබිණි.

ප‍්‍රධාන වගඋත්තරකරු වන මදුරුකැටිය කොට්ඨාසයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත් වූ මන්ත‍්‍රීවරයා මැතිවරණ කාලසීමාවේදී ඡන්දදායකයන්ට අල්ලස් දී ඇති බවට පෙත්සම්කරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එම මන්ත‍්‍රීවරයාගේ ධූරය අහෝසි කොට ඊළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා මන්ත‍්‍රීවරයා ලෙස පත්කරන ලෙස නියෝග කළේය.

මෙම නියෝගය, අභියායචනයක් ඉදිරිපත් කළ යුතු කාලසීමාව ඉක්මවීමෙන් පසු ජනාධිපතිවරයාට සහ මැතිවරණ කොමිසමට දැනුම්දෙන බව මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දුන්නේය.

ප‍්‍රධාන වගඋත්තරකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ යූ. ආර්. සිල්වා මහතා පෙනී සිටි අතර රජයේ නිලධාරීන් වෙනුවෙන් රජයේ අධිනීතිඥ කනිෂ්ක රාජකරුණා මහතා පෙනී සිටියේය.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥවරුන් වන සම්පත් පුෂ්පකුමාර, චානක කුලතුංග යන මහත්වරු පෙනී සිටියහ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka