gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එරාජ් දත් කැඩෙන්න සිකියුරිටි කෙනෙකුට ගහලා!

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා බම්බලපිටියේ කොතලාවල ඇවනිවු හි පිහිටි ආරවුල් සහගත ඉඩමකට ගොස් අද (15) පෙරවරුවේ එහි සිටි ආරක්ෂකයින් දෙදෙනෙකුට පහරදී ඇතැයි වාර්තා වේ.

මේ සිද්ධියෙන් එක් ආරක්ෂකයකුගේ දත් වලට තුවාල සිදුව ඇති අතර ඔහු රෝහල්ගත කිරීමට බම්බලපිටිය පොලිසිය කටයුතු යොදා ඇති බවපැවසේ.

අදාළ ඉඩමට දෙපාර්ශවයක් අයිතිවාසිකම් කියන අතර එම ආරවුල හේතුවෙන් බම්බලපිටිය පොලිසිය විසින් එම ඉඩමට 66 වැනි වගන්තිය යටතේ නඩු පැවරීමක්ද සිදුකර ඇති බව පැවසේ.

මේ තත්ත්වය හේතුවෙන් දෙපාර්ශවයම එම ඉඩමට ආරක්ෂකයින් දමා ඒ සඳහා ආරක්ෂාව ලබාදී ඇති බව වාර්තා වේ.

එම ඉඩමට මුස්ලිම් ව්‍යාපාරිකයකු හා කොළඹ 7 හි පදිංචි සිංහල ව්‍යාපාරිකයකු අයිතිවාසිකම් කියන බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එරාජ් මෙසේ පහරදී ඇත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයා විසින් "රෙඩ් හෝක් සිකියුරිටි" නම් ආරක්ෂක සමාගමෙන් ලබාගෙන සිටි ආරක්ෂකයින් දෙදෙනෙකුටය.

මීට පෙරද එරාජ් මේ ඉඩමට ඇතුළුවීම හා ඔහුගේ ආරක්ෂකයින් සිංහල ව්‍යාපාරිකයාට ලබාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්විය.

එම සිද්ධිය නිවුස් ෆස්ට් වාර්තාකර තිබුණේ මෙසේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka