gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'සාකච්ඡාවට පෙර විශ්වාසය තහවුරු කරන්න' - කාදිනල් හිමියෝ ජී.එල්.ට දන්වති!

විදේශ ඇමතිවරයා සමග තමන් සාකච්ඡාවකට සූදානම් බවත් නමුත් ඊට පෙර පාස්කු විමර්ශනවල විශ්වාසය තහවුරු කර ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්නා ලෙසත්  අති උතුම්  මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත ලිඛිතව දන්වා තිබේ.

අගරදගුරු තුමා මේ බව දන්වා ඇත්තේ උන්වහන්සේ සමග විශේෂ සාකච්ඡාවක් ඉල්ලා විදේශ ඇමති මහාචාර්ය ජි.එල්.පීරිස් උන්වහන්සේගෙන් කළ ඉල්ලීමට පිළිතුරු සපයමිනි.

ගරු කාදිනල් තුමාගේ අදහස ප්‍රකාශ කරමින් මාධ්‍ය වෙත වීඩියෝ පටයක් නිකුත් කරන ගරු සිරිල් ගාමිණි පියතුමා කියා සිටියේ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා  ඉල්ලා සිටින සාකච්ඡාවට හා හමුවට    උන්වහන්සේ විවෘත බවත් නමුත් ඊට පෙර රජය ලෙස කොන්දේසි කීපයක් සම්පූර්ණ කළ යුතු බවත් කාදිනල් තුමා කියා ඇති බවය.

එසේ නොමැතිව උන්වහන්සේ විදේශ ඇමතිවරයා සමග සාකච්ඡාවට ඉදිරිපත්  නොවන බවය.

සිරිල් ගාමිණී පියතුමා මෙසේ සඳහන් කළේය.

“පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව විශ්වාසවන්ත ලෙස සිදුවීමේ වැදගත්කම  අප තුළත් කාදිනල් හිමිපාණන් තුළත්,    කතෝලික ජනතාව තුළත් රටේ ජනතාව තුළත් තියනවා.  ඒ විමර්ශන විශ්වාසනීයත්වයකින් සහ    විනිවිද භාවයෙන් යුතුව සිදුවන බවයට සහතියක් රටට තිබිය යුතුයි.“

“මේ විශ්වාසනීයත්වය ගොඩ නැගිය යුතු නම් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසාන වාර්තාවෙන් ඉදිරිපත් කර තිබෙන විමර්ශන ආරම්භ වීම අවශ්‍යයයි. අවසන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම අවශ්‍යයයි. එතකොට අප තුළ ඒ ගැන විශ්වාසයක් ගොඩනැගෙනවා.“

“ඒ හැකියාව තියෙන්නෙ රජයට. මෑතක දී මාධ්‍ය ඔස්සේ අපි අහපු ඇතැම් ප්‍රකාශ ඒ විශ්වාසය තහවුරු කරනවාට වඩා පළුදු කළා.    ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා  පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී කියැවුණු කරුණු, පොලිස්පති තුමා කළ ප්‍රකාශ…  මේ ප්‍රකාශවල ඇතැම් කාරණාවලින් විශ්වාසය ගොඩනැගෙනවාට වඩා විශ්වාසය පළුදු වෙලා තියනවා.“

“අන්න ඒ නිසා මේ විශ්වාසය ගොඩනැගීම රජයේ වගකීම. මේ විදිහෙ සාකච්ඡාවක් කිරීමට අවශ්‍ය නම්.

කාදිනල් හිමියන් කියන්නෙ ඒ විශ්වාසය ගොඩනැගුණට පස්සේ මේ සාකච්ඡාව පැවැත්වීමට පුලුවන් බවයි.“

-කීර්ති ප්‍රනාන්දු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka