gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල්ට රට බාර දී ආණ්ඩුව පසුබසින කතාවක්!

2023 වස වසර පමණ වන විට රනිල් වික්‍රමසිංහ මහතාට නැවතත් රට බාර දී ආණ්ඩුට පල්ලම් බසින්නට සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි. වත්මන් ආණ්ඩුව දැන් වැඩිපුරම එපා වී ඇත්තේ පොහොට්ටුවේ අයට බවද කී ඔහු හැට නම ලක්ෂයේ ජනතාව දැන් එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් වඩා රනිල්ගේ ගුණ කියමින් ඇතැයිද කීය.

සමගි ජන බලවේගයේ පිරිස් සමඟ පොර බැදීමට එක්සත් ජාතික පක්ෂයට කිසිදු උවමනාවක් නැතැයි ද කී මහ ලේකම්වරයා පක්ෂය කඩාගෙන ගිය කිසිවකුට අනාගතයක් නොතිබූ බවද පැවසීය.

ඔහු මේ අදහස් පල කළේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අන්තර්ජාලය ඔස්සේ අමතමිනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka