පහන්තුඩාව යුවලගේ අසභ්‍ය වීඩියො වැලක් හෙලිවෙයි… ආසන්නයේම මීමුරේ වීඩියෝවක්..
බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවළගෙන් ප්‍රශ්න කිරීමේ දී තොරතුරු රැසක් හෙළිදරව් වී තිබේ. ඔවුන් මීට පෙරද මෙවන් ආකාරයේ අසභ්‍ය වීඩියෝ පටන් ගණනාවක් නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහැර තිබේ.
වෘත්තිමය ලෙස මෙම කටයුත්තේ යෙදෙන ඔවුන් විදේශීය වෙබ් අඩවි වෙත අසභ්‍ය වීඩියෝ ලබාදීම හරහා නැරඹුම් වාර ගණන අනුව විශාල මුදලක් උපයාගෙන ඇත.
මීට පෙර ආසන්නයේදීම මීමුරේ ප්‍රදේශයේ දී ද මෙවන් වීඩියෝ ගත කර අන්තර්ජාලයට එක්කර තිබූ බව හෙළි කරගෙන ඇත.
ඔවුන්ගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පහන්තුඩාව යුවලගේ අසභ්‍ය වීඩියො වැලක් හෙලිවෙයි… ආසන්නයේම මීමුරේ වීඩියෝවක්..
2021-09-03T09:32:00+05:30
Gossip Lanka Hot News






